Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග තුනක් පැවැත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර තිබේ. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දරුණු මූල්‍ය පරිහානියකට පත්ව සිටින අතර ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය සංවිධානය කරගත නොහැකි මට්ටමට ඇද වැටී ඇතැයි අන්තර්ජාතික ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
“කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඬේව් කැමරන් මහතා මට කතා කළා. එයාගේ ඉල්ලීම වෙන්නේ ලාභයකුත් ලැබෙන විදිහට තරගාවලිය කරමු කියන එකයි...ඒ නිසා එක ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග 3 ක් පැවැත්වීමට ඔහු යෝජනා කළා”
“මේ වෙනකොට අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුලින් අදහස් කරමින් සිටියේ තරගාවලිය අවලංගු කර දැමීමට බව ඬේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් කළ විමසීමකදී සුමතිපාල මහතා කියා සිටියේ තරගාවලිය අවලංගු කිරීමක් සිදු නොවන බවත් එක ටෙස්ට් තරගයක් වෙනුවට සීමිත ඕවර තරග දෙකක් හෝ තුනක් ඇතුළත් කර තරගාවලිය පවත්වාගෙන යාමට තමන් යෝජනා කළ බවත්ය.
“මෙතැනදී අපටත් පාඩුවක් සිද්ධ වෙනවා”
“ටෙස්ට් තරගාවලියට අපි යවන්නේ එක කණ්ඩායමක්. ඒත් සීමිත ඕවර (එක්දින හෝ විස්සයි-20) තරග සඳහා වෙනත් ක්‍රීඩකයන් හය දෙනකු විතර යවන්න අපට සිද්ධ වෙනවා. ගුවන් ප්‍රවේශපත් වගේම අනෙකුත් වියදම් බැලුවාම ඒක තරමක පාඩුවක් තමයි...ඒත් මේ වගේ වෙලාවක සහෝදර ක්‍රිකට් ආයතනයකට උදව් කරන්නත් අපි සූදානම්ව ඉන්න ඕනේ” යයිද සුමතිපාල මහතා පැවසීය.
ඬේලි මිරර් පුවත්පතේ වාර්තාවට අනුව සිය මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහාය ඉල්ලීමට යයි.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.