Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකාවේ ටෙලව්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට විෂාල් සිං නොදැවී ලකුණු 58 ක්ද, සුනිල් අම්බි්‍රස් නොදැවී ලකුණු 62 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 91 කි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා කොදෙව් පළමු ඉනිමේදී පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබාගත් අතර ඔවුන් අතරින් කඩුලු දවාගැනීමට සමත් වූයේ මාලින්ද පුෂ්පකුමාර සහ ෂෙහාන් ජයසූරිය පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 44 ක් වන විට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල බවට ලෙස ආරම්භක පිතිකරු මොන්ට්සින් හොජ් පිටි ලකුණු 13 කට දැවී ගියේ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ සඳුන් වීරක්කොඩිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ශාමර් බෘක්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර සඳුන් වීරක්කොඩි විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනු ලබන විට බෘක්ස් ලබා සිටියේ ලකුණු 19 ක් පමණි.
හතරේ පහර 6 ක් සමගින් අර්ධ ශතකයක් ලබාගත් ජොන් කැම්බල්ද (56) සඳුන් වීරක්කොඩිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහුගේ කඩුල්ල ෂෙහාන් ජයසූරියගේ ගිණුමට බැර විය.
මුලු ලකුණු සංඛ්‍යාව 145 ක් වන විට කොදෙව් ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳ දැමීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ජාමර් හැමිල්ටන් රැස්කරගෙන තිබුණේ ලකුණු 6 ක් පමණි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.