Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල අවසන් තරගයට
අයි.පී.එල්. - 2024

කොල්කටා පිල අවසන් තරගයට

editorial - 2024 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ අහමදාබාද් නුවර නරේන්ද්‍ර සිං මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබමිනි. 

මෙම තරගයෙන් පරාජයට පත්වුවද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය සුදුසුකම් ලැබීමට තවත් අවස්ථාවක් හිමිවන අතර ඒ සඳහා ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ තරගය ජයගන්නා කණ්ඩායම, සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී පරාජයට පත්කළ යුතුය. පිළිමළුන් පිටුදැකීමේ තරගය අද (22 වැනිදා) රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවැත්විණ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 13.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ශ්‍රෙයාස් අයියර් (නොදැවී 58) සහ වෙන්කටේෂ් අයියර් (නොදැවී 51) කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

පන්දු 24 කට මුහුණදුන් ශ්‍රෙයාස් හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ වෙන්කටේෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 14 කින් ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රබාද් කණ්ඩායමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාහුල් ත්‍රිපාටි පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර සමග ලකුණු 55 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ඕවර 4 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත් අතර හයිද්‍රාබාද් පිතිකරුවන් පීඩනවයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වරුණ් චක්‍රවර්ති ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.  


සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 159
(රාහුල් ත්‍රිපාටි 55, හෙන්රිච් ක්ලාසන් 32, අබ්දුල් සමාඞ් 16, පැට් කමින්ස් 30, පැට් කමින්ස් 34/3, වරුණ් චක්‍රවර්ති 26/2) 

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 13.4 කදී කඩුලු 2 ක් දැවී 164 
(රහ්මනුල්ලා ගුර්බාස් 23, සුනිල් නරේන් 21, වෙන්කටේෂ් අයියර් නොදැවී 51, ශ්‍රෙයාස් අයියර් නොදැවී 58) 

 

-036 


අදහස් (0)

කොල්කටා පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.