Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 45 ක් නිමා වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට තරග 12 කට සහභාගී වී ලකුණු 15 ක් ලබා සිටින කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් වී තිබේ.

එහි දෙවැනි ස්ථානය තරග 11 කදී ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් පිලටත්, තෙවැනි ස්ථානය තරග 12 කදී ලකුණු 14 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් පිලටත් හිමිව තිබේ.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට රාජස්ථාන් රෝයල්ස් පිලේ අජන්ක්‍යා රහනේ පත්ව ඇති අතර තරග 11 කදී අර්ධ ශතක 4 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 438 කි.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 91 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැුස්කිරීමේ සාමාන්‍ය 54.75 ක් ලෙස සඳහන්වේ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් (තරග 11 කදී ලකුණු 423) සහ මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා (තරග 11 කදී ලකුණු 361) වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ සමත් වී ඇති අතර තරග 11 කදී ඔහු දවාගෙන තිබෙන කඩුලූ සංඛ්‍යාව 17 කි.

කොල්කටා නයිට්රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 22 කට කඩුලූ 3 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 15.64 ක් ලෙස දැක්වේ.

චෙන්නායි සුපර් කිංග්ස් පිලේ අශීෂ් නෙහෙරා (තරග 11 කදී කඩුලූ 17) වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ බුවනේෂ්වර් කුමාර් කඩුලූ 16 ක්  දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

 

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු
කොල්කටා නයිට්රයිඩර්ස් 12 7 4 1 15
චෙන්නායි සුපර් කිංග්ස් 11 7 4 0 14
රාජස්ථාන් රෝයල්ස් 12 6 4 2 14
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 11 6 5 0 12
මුම්බායි ඉන්දියන්ස් 11 6 5 0 12
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  10 5 4 1 11
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 11 4 8 0 8
කිංග්ස් XI පන්ජාබ්  11 2 9 0 4

 

- 036


අදහස් (0)

කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.