Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹට ලකුණු 64 ක ජයක්
ජාතික සුපිරි ලීගය

කොළඹට ලකුණු 64 ක ජයක්

editorial - 2024 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 19 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 27.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිලුම් සුදීර සිය ඕවර 10 ලකුණු 25 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූ අතර ගාල්ල ඉනිම සුනිවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් චමිඳු වික්‍රමසිංහ සහ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් ලබාගත් අතර විෂාද් රන්දික පන්දු 46 කදී ලකුණු 36 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු පන්දු 40 හතරේ පහර 6 ක් සමග ලකුණු 35 ක්ද රැස්කරමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

නිලකුණු ඕවරයක්ද සමග ඕවර 7 ක් යැවූ මුදිත ලක්ෂාන් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර නායක දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් එහිදී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.


කොළඹ පිල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 171 
(නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 35, දසුන් ශානක 17, විෂාද් රන්දික 36, කවිඳු නදීෂාන් 20, මුදිත ලක්ෂාන් 19/4, දුනිත් වෙල්ලාලගේ 25/2, ළහිරු සමරකෝන් 34/2) 

ගාල්ල පිල - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 107  
(රමේෂ් මෙන්ඩිස් 45, දිලුම් සුදීර 25/3, චමිඳු වික්‍රමසිංහ 07/2, ප්‍රමෝද් මධුෂාන් 23/2) 

-036


අදහස් (0)

කොළඹට ලකුණු 64 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.