Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් සංචාරක නියෝජිත ආයතනය 18 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය ඔක්තෝබර් මස 7 වැනිදා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ සිට මීගමුව දක්වා පැවැත්වේ.
කොළඹ බෞද්ධාලෝක මාවත අසලින් පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, දූව යන මාර්ග ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානයට පැමිණිමෙන් අවසන් වේ.
මෙම තරගය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම කාණ්ඩ 7 ක් යටතේ පැවැත්වෙන අතර විවෘත පූර්ණ මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, ප්‍රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, ප්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, විනෝද ධාවන තරගය, අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය එම කාණ්ඩ 7 ට ඇතුළත්වේ.
මෙහි පූර්ණ මැරතන් තරගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195 ක් වන අතර අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර් 21.097 කි.
විනෝද ධාවන තරගය කිලෝ මීටර් 10 කින්ද, අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය කිලෝ මීටර් 5 කින්ද සමන්විත වේ. ඉන් අර්ධ මැරතන් තරගය පමුණුගමින්ද, විනෝද ධාවන තරගය හේකිත්තෙන්ද, අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය ඔරුගොඩවත්තෙන්ද නිමාවට පත්විමට නියමිතය.
මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට වැඩි සංඛ්‍යාවක් තරගය සඳහා ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව 8500 ඉක්මවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. රටවල් 37 ක් නියෝජනය කරමින් දැනට මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 150 කට ආසන්න වේ.
තරගයේ ප්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ හතර ඉක්මවන්නකි.
දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් (රුපියල් දෙලක්ෂ පනස්දහස් පන්සීයක්) බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් (රුපියල් එක් ලක්ෂ හැට හත්දාහක්) බැගින්ද පිරිනැමේ.
ඉකුත් වසරේ (2017) පැවති තරගය සඳහා සහභාගී වූ තරගකරුවන් සංඛ්‍යාව 8500 ඉක්මවූ අතර රටවල් 47 ක් නියෝජනය කරමින් ඊට සහභාගි වූ විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 350 කට ආසන්න විය.
පසුගිය වසරේදී පැය 2 යි, විනාඩි 23 යි, තත්පර 37 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ජෙම්ස් තලාම් එම තරගය ජය ගතතේය. එවර තරගය අවසන් කළ ප්‍රථම කාන්තාව වූයේ කෙන්යාවේ මර්සි ටූය. ඇය තරගය අවසන් කිරීම සඳහා පැය 2 යි, විනාඩි 59 යි, තත්පර 46 ක කාලයක් වැය කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.