Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්. එල්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගය ජයගැනීමට කෙන්යාවේ ජෙෆ්ර් බර්ජන් සමත්විය. පැය 2 යි විනාඩි 18 යි තත්පර 33 න් තරගය අවසන් කරමින් ඔහු කොළඹ මැරතන් තරගයේ රන් පදක්කම දිනාගත්තේය.
ජෙෆ්ර් බර්ජන් කොළඹ මැරතන් තරගය ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2012 වසරේ පැවැති තරගාවලියේද ජය හිමිකරගෙන තිබේ. එවර ඔහුගේ තරග නිමි කාලය වූයේ පැය 2 යි විනාඩි 26 යි තත්පරය 40 කි.
ඉකුත් වසරේ (2013) මෙම තරගය ජයගත් කෙන්යාවේ ඇන්ටනී මුගෝට මෙවර තරගයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඔහු පැය 2 යි විනාඩි 22 යි තත්පර 12 කින් තරගයේ නිම කළේය. එය ඔහුගේ ඉකුත් වසරේ තරග නිමි කාලයෙන් විනාඩි 1 යි තත්පර 11 ක අඩුවීමකි.
තරගයේ සිව්වැනි ස්ථානය දිනාගත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කැළුම් සම්පත් ගුණසේකර, තරගය නිමා කළ පළමු ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා බවට පත්විය. මෙවර තරගයේදී සිය හොඳම කාලය වාර්තා කළ ඔහු තරගය නිමා කිරීමට ගතකළ කාලය පැය 2 යි විනාඩි 25 යි තත්පර 30 කි. මින් පෙර ඔහුගේ හොඳම කාලය වී තිබුණේ මෙම වසරේ ජාතික මැරතන් තරගාවලියේ සිව්වැනි ස්ථානය ලැබීමය.
ඔහු එහිදී වාර්තා කළ කාලය පැය 2 යි විනාඩි 26 යි තත්පර 41 කි.
මෙවර කාන්තා මැරතන් තරගය ජය ගැනීමට පැය 2 යි විනාඩි 46 යි තත්පර 55 කින් තරගය අවසන් කළ විනිපී‍්‍රඩා ක්වාම්බෝකා සමත්වූවාය. ඉකුත් වසරේ (2013) පැවැති තරගය ජයගත් කෙන්යාවේ ෆරිඩා ටූ ජෙප්කයිට්ගේ තරග නිමි කාලයට වඩා විනාඩි 1 යි තත්පර 18 ක අඩුවෙන් ඇය තරගය නිමා කිරීම මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
ඉකුත් වසරේ ජයග‍්‍රාහිකාව වූ කෙන්යාවේ ෆරිඩා ටූ ජෙප්කයිට් මෙවර තරගයට සහභාගී නොවූ අතර 2012 වසරේ කාන්තා තරගය ජයගත් ශී‍්‍ර ලංකාවේ රුවිනා දීපානි, මෙවර තරගයේ 5 වැනි ස්ථානයට පත්වූවාය.
තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සිය පළමු ජාත්‍යන්තර මැරතන් තරගයට සහභාගී වූ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිලූකා ගීතානි රාජසේකර සමත්වූයේ ඇය නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද පිහිටුවමිනි. පැය 2 යි විනාඩි 47 තත්පර 55 කින් එහිදී ඇය තරගය නිමා කළාය. විනාඩි 1 යි තත්පර 2 ක ප‍්‍රමාදයක් නිසා අවාසනාවන්ත ලෙස ඇයට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියාය.
මින් පෙර පැවැති ශී‍්‍ර ලංකා මැරතන් (කාන්තා) වාර්තාව වූයේ පැය 2 යි විනාඩි 51 කට කේ. ජී. එස්. චන්ද්‍රානි විසිනි. ඒ 2006 වසරේ පැවැති බීජිං මැරතන් තරගයේදීය.
තරගයේ ප‍්‍රථම ස්ථානය දිනාගත් කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 10, 000 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිනැමිණ.
එහි දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 7, 000 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 3, 500 ක් බැගින්ද, පිරිනැමුණ අතර සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1, 000 ක් සහ 750 ක් බැගින් පිරිනැමිණ.
මෙහි අර්ධ මැරතන් තරගයේ පිරිමි අදියර ජය ගැනීමට ශී‍්‍ර ලංකාවේ මැරතන් ශූර අජිත් බණ්ඩාර සමත්වූ අතර කාන්තා අදියර ජය ගැනීමට ටී. සී. හේමමාලි සමත්වූවාය. ඉකුත් වසරේද කාන්තා අර්ධ මැරතන් තරගයේ ජයග‍්‍රාහිකාව වූයේද හේමමාලිමය.
පැය 1 යි විනාඩි 10 යි තත්පර 48 කින් අජිත් බණ්ඩාර අර්ධ මැරතන් තරගය නිමා කළ අතර එච්. ඒ. හේමමාලිට අර්ධ මැරතන් තරගය ජය ගැනීම සඳහා පැය 1 යි විනාඩි 22 යි තත්පර 07 ක කාලයක් ගතවිය.
කෙසේ වුවත් විවෘත මැරතන් තරගයේ පිරිමි අදියරේ පළමු ස්ථාන 3 සහ විවෘත කාන්තා තරගයේ පළමු ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගනිමින් සමස්ත තරගාවලිය පූරා සිය අණසක පැතිරවීමට කෙන්යානු කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
මෙවර තරගය සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළත්ව රටවල් 28 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 5126 ක් සහභාගී වූ අතර විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 197 ක් ඊට ඇතුළත් විය.
ලංකා ස්පෝට්රයිසන් සමාගම 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ මැරතන් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින් සමාගම කටයුතු කළේය.
පිරිමි (විවෘත) මැරතන් තරගයේ ප‍්‍රතිඵල
ජෙෆ්ර් බර්ජන් (කෙන්යාව - පැය 2 : විනාඩි 18 . තත් 33)
ඇන්ටනී මූගෝ (කෙන්යාව - 2 : 22 . 12)
ජොශප් ම්බිති (කෙන්යාව - 2 : 25 . 01)
කැළුම් සම්පත් ගුණසේකර (ශී‍්‍ර ලංකාව - 2 : 25 . 30)
ඩැනියෙල් කිලිමෝ (කෙන්යාව - 2 : 29 . 57)
පීටර් නයිබෙයි (කෙන්යාව - 2 : 36 . 38)
පී. ඞී. අනුරසිරි (ශී‍්‍ර ලංකාව - 2 : 37 . 10)
පී. සී. අලහකොන් (ශී‍්‍ර ලංකාව - 2 : 38 . 16)
ශී‍්‍රපතුල් පල්ලෙවෙල (ශී‍්‍ර ලංකාව - 2 : 38 . 53)
එස්. බී. ඒකනායක (ශී‍්‍ර ලංකාව - 2 : 42 . 46)
කාන්තා (විවෘත) මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1 විනිපී‍්‍රඩා ක්වාම්බෝකා (කෙන්යාව - 2 : 46 . 53)
2 නිලූකා ගීතානි රාජසේකර (ශී‍්‍ර ලංකාව - 2 : 47 . 55)
3 මාගරෙට් න්ජුගුනා (කෙන්යාව - 2 : 52 . 53)
4 එල්. ඒ. බෝගහවත්ත (ශී‍්‍ර ලංකාව - 2 : 58 . 05)
5 රුවීනා දීපානි (ශී‍්‍ර ලංකාව - 2 : 58 . 46)
6 ජේන් ජෙරෝනෝ (කෙන්යාව - 3 : 04 . 13)
7 පී. එම්. පෙරේරා (ශී‍්‍ර ලංකාව - 3 : 04 . 14)
8 මල්කාන්ති වීරක්කොඩි (ශී‍්‍ර ලංකාව - 3 : 22 . 38)
9 වි ඕලා කිමේලි (කෙන්යාව - 3 : 28 . 30)
10 එන්. කේ. ප‍්‍රනාන්දු (ශී‍්‍ර ලංකාව - 3 : 29 . 04)
පිරිමි (අර්ධ මැරතන්) තරගයේ ප‍්‍රතිඵල
අජිත් බණ්ඩාර (ශී‍්‍ර ලංකාව - 1 : 10 . 48)
සුජිත් දිල්ෂාන් (ශී‍්‍ර ලංකාව - 1 : 13 . 30)
අයි. ඞී. ගීතාංජන (ශී‍්‍ර ලංකාව - 1 : 14 . 18)
ගයාන් උදය කුමාර (ශී‍්‍ර ලංකාව - 1 : 14 . 41)
කාරියවසම් මැදකඩගම (ශී‍්‍ර ලංකාව - 1 : 15 . 03)
කාන්තා (අර්ධ මැරතන්) තරගයේ ප‍්‍රතිඵල
1 ටී. සී. හේමමාලි (ශී‍්‍ර ලංකාව - 1 : 22 : 07)
2 වේලූ කි‍්‍රශාන්ති (ශී‍්‍ර ලංකාව - 1 : 27 . 41)
3 කේ. කේ. කුමාරි (ශී‍්‍ර ලංකාව - 1 : 33 . 53)
4 ඞී. එන්. පි‍්‍රයදර්ෂණි (ශී‍්‍ර ලංකාව - 1 : 36 . 16)
5 තරංගනී සෙව්වන්දි (ශී‍්‍ර ලංකාව - 1 : 38 . 45)
කොළඹ මැරතන් තරගයේ විශේෂ අවස්ථා
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.