Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර එළඹෙන ජූනී මාසයේදී බැංගලෝර්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඉන්දීය පිලේ නායකත්වය සදහා අජින්ක්‍යා රහනේ පත්කර ඇත. නිත්‍ය නායක විරාට් කෝලී එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන බැවින් රහනේ ඉන්දීය පිලේ නායකත්වයට පත්කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මෙය ඇෆ්ඝනිස්ථානයේ මංගල ටෙස්ට් තරගයයි. මෙම තරගය ජූනී මස 14 වැනිදා බැංගලෝර්හී චින්නස්වාමී ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතව ඇත.
එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ ප්‍රාන්තය වෙනුවෙන් මාසයක කාලයක් ක්‍රීඩා කිරීමට විරාට් කෝලී ගිවිසුම් අත්සන් කර තිබේ. ඉදිරියේදී එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සූදානම් වීම කෝලිගේ අපේක්‍ෂාවයි.
ඇෆ්ඝනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයේදී රහනේ ඉන්දීය පිල මෙහෙයවූවද එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ අගෝස්තු මාසයේදී ආරම්භවන ටෙස්ට් තරග 5 කින් යුත් තරග සංචාරයේදීත් ඊට පෙර අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විරාට් කෝලී බාරගනු ඇත.
දකුණු ආසියාතික රටක් වන ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය පසුගිය වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබාගත් බැවින් ටේස්ට් ක්‍රීඩාකරන රටවල් ගණන 12 දක්වා ඉහළ ගියේය.
කාර්ය බහුලත්වය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී රෝහිත් ශර්මා, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කරුන් නායර්, ශර්දුල් ඨාකූර් සහ කුල්දිප් යාදව් ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇති අතර ශර්දුල් ඨාකූර් මේ දක්වා ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැත.
ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව පසුගිය ජනවාරී මාසයේදී දකුණු අප්‍රිකාව සමගින් දීර්ඝ සංචාරයකට එක්වූ අතර ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්විය.
ඉන්දීය සංචිතය
අජින්ක්‍යා රහනේ (නායක), ශීකර් ධවාන්, මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, චිතේෂ්වර් පුජාරා, කරුන් නායර්, විර්ධිමාන් සාහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, කුල්දිප් යාදව්, උමේෂ් යාදව්, මොහොමඞ් ශාමී, හර්දික් පාණ්ඩයා, ඉශාන්ත් ශර්මා, ශර්දුල් ඨාකූර්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.