Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ටේරන්ට් බොල්ට් යැවූ බැංගලෝර් ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කළ ඒ.බී. ඩිවිලියස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
වේගවත් පිතිහරඹයක නිතර වූ ඩිවිලියස් පන්දු 37 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. නායක විරාට් කෝලි (70) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියස් සමත් විය. පන්දු 40 කට මුහුණදුන් කෝලි හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ රිෂාබ් පාන්ට් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 රැස්කිරීමට සමත් විය. ඔහු මෙවර තරගාවලියේදී ලබාගත් සිවුවැනි අර්ධ ශතකය මෙය වන අතර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එකම ශතකයටද ඔහු හිමිකම් කියයි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පාන්ට්, මෙතෙක් සහභාගි වූ තරග 12 දී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 582 කි.
නායක ශ්‍රෙයාස් අයියර් (32) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.
දිල්ලි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ 17 හැවිරිදි අභිෂේක් ශර්මා පන්දු 19 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කලේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. විජය ශංකර් (නොදැවී 21) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ශර්මා සමත් විය.
දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 181
(ශ්‍රෙයාස් අයියර් 32, රිෂාබ් පාන්ට් 61, විජය ශංකර් නොදැවී 21, අභිෂේක් ශර්මා නොදැවී 46, යුස්වේන්ද්‍ර චාහල් 28/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19 කදී කඩුලු 5 කට 187
(විරාට් කෝලි 70, ඒ.බී. ඩිවිලියස් නොදැවී 72, ටේරන්ට් බෝල්ට් 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.