Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ‘සරේ’ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරිමට ගිවිසුම්ගතව සිටි ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිට සිය ගෙලෙහි හටගෙන ඇති ආබාධ තත්වයක් නිසා එම තරගාවලිය මගහැරී යා හැකි බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඉන්දිය ක්‍රිකට් ආයතනයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කෝලිගේ ආබාධ තත්ත්වය සලකා බලා මෙම තිරණය ගෙන ඇතැයි වාර්තා වේ.
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට වඩා ජූලි මස ආරම්භ වන එංගලන්ත සංචාරය වැදගත් බැවින් එම තරගාවලිය ආරම්භ වීමට පෙර සිය ආබාධ තත්වය සුවකර ගැනිම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙහෙයවන පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගි වීමටද කෝලිට සිදුවනු ඇත.
කෝලි සමග කළ සාකාච්ජාවකින් අනතුරුව වෛද්‍යවරු පවසා ඇත්තේ මෙම ආබාධ තත්වය තිබියදී එංගල්නත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා නොකර සිටීම ඔහුගේ ශරීර සෞඛ්‍යයට වඩාත් යහපත් වනු ඇති බවය.
ජුනි 15 වැනිදා බැංගලෝර්හි පිහිටා ඇති ප්‍රධාන ක්‍රිකට් පුහුණු ආයතනයකදී ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකටද සහභාගි වීමට කෝලිට සිදුව ඇති අතර එමගින් ඔහු එංගලන්ත හා අයර්ලන්ත සංචාර සඳහා සහභාගී වනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අතරවාරයේද කෝලි ආබාධයට ලක් වූ අතර මෙවර තරගාවලියේදී ඔහුගේ කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය. කෙසේ වුවත් නායකයෙකුගේ කාර්්‍යභාරය එලෙසින්ම ඉටු කළ කෝලි මෙම තරග වාරයේදී වැඩිම ලකුණු ලාභීන්ගේ සටහනේ 6 වන ස්ථානයට පත් වෙමින් ලකුණු 530 රැස්කළේය.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.