Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්ත ‘ඒ’ පන්දු යවන්නන් තැතිගන්වමින්, ලසිත් කෲස්පුල්ලේ (53) සහ ළහිරු උදාර (47) දෙදෙනා එක්ව කළ ප්‍රචණ්ඩ පිතිහරඹය නිසා අබුඩාබි නුවරදී පැවැති සීමිත ඕවර තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ කඩුලු 6 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්හ. සෙනසුරාදා පැවැති මෙම තරගයේ ඕවර 27.1 කින්, ලකුණු 193 ක පහසු ඉලක්කය කරා අවතීර්ණ වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 22.5 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළේය.
ඉලක්කය පහසු වූ හෙයින් නොබියව ආක්‍රමණයට පිවිසි ළහිරු උදාර (47) සහ ලසිත් කෲස්පුල්ලේ (53) දෙදෙනා පන්දු 73 කින් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ළහිරු සුපුරුදු ආකාරයෙන් ලකුණු කරා යද්දී අයර්ලන්ත ‘ඒ’ පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළුෑ කෲස්පුල්ලේ, හතරේ පහර 6 කින් සහ හයේ පහර 2 කින් සිය පන්දු 33 ඉනිම අලංකාර කළේය.
එතැන් සිට තිබුණේ පහසු ගමනකි. එහෙත් වේගය අඩාළ නොකළ නායක සධීර සමරවික්‍රම, සෙසු මැදපෙළ පිතිකරුවන් සමගින් කාර්යය අවසන් කළේය.
අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු 193 කට දවාගැනීම සඳහා මහඟු මෙහෙවරක් කළ වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංක පිට පිටම දෙවැනි තරගයේදීත් කඩුලු 4 ක් දවාගත්තේය. ඩිල්ෂාන්ට අනගි සහයෝගයක් දුන් මිලාන් රත්නායක (26/2) සහ දුෂාන් හේමන්ත (24/3) දෙදෙනාම කඩුලු දවාගැනීමට අමතරව අයර්ලන්ත පිතිකරුවන් ඇද බැඳ තබාගැනීමටත් අමතක නොකළහ.
දුෂාන් හේමන්ත මෙන්ම ඩිල්ෂාන් මධුශංකද මේ තරගාවලියේදී කඩුලු 8 ක් බැගින් දවාගෙන සිටිති. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන සිටී.
අයර්ලන්ත ‘ඒ’ - ඕවර 46 කදී සියලු දෙනා දැවී 192 යි
(ස්ටීවන් ඩොහානි 31, මෝගන් ටොපිං 45, ක්‍රිස්ටෝපර් ඩි’ෆ්‍රෙයිටාස් නොදැවී 67, රොස් ඇඩෙයාර් 27, ඩිල්ෂාන් මධුශංක 44/4, මිලාන් රත්නායක 26/2, දුෂාන් හේමන්ත 24/3)
ශ්‍රී ලංකා ‘ඒ’ - ඕවර 27.1 කදී කඩුලු 4 ක් දැවී 193 යි
(ළහිරු උදාර 47, ලසිත් කෲස්පුල්ලේ 53, සධීර සමරවික්‍රම නොදැවී 50, සහන් ආරච්චිගේ 12, සොනාල් දිනූෂ නොදැවී 12, ගැවින් හෝයි 47/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.