Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පළමු වටයේ තරග අවසන් වන විට මහනුවර කිංගස්වුඞ් විදුහල සහ ඉසිපතන විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූහ.
පළමු කොටසේ ‘ඒ’ 1 සහ ‘ඒ’ 2 කාණ්ඩවල පෙරමුණේ සිටින කණ්ඩායම් අට කුසලාන ශූරතාව සඳහා තරග කරති. ඒ අනුව කිංග්ස්වුඞ්, ශාන්ත පීතර, ගල්කිස්ස විද්‍යා විදුහල, ගල්කිස්ස සා. තෝමස්, ඉසිපතන, ත‍්‍රිත්ව, කොළඹ රාජකීය සහ ශාන්ත ජෝශප් යන විදුහල් කුසලාන ශූරතාවට තරග කරති.
කටුගස්තොට ශාන්ත අන්තෝනි, ධර්මරාජ, බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, මොරටුව වේල්ස් කුමර, වෙස්ලි, ඞී. එස්. සේනානායක, කොළඹ මහානාම සහ කොළඹ ආනන්ද යන විදුහල් පළඟ ශූරතාව සදහා තරග කරති.
පළමු කොටසේ ‘ඒ’ 01 කාණ්ඩයේ ක‍්‍රීඩා කළ කිංග්ස්වුඞ් විදුහල් පිල තරග පහෙන් තරග 4 ක් ජය ලබා තරගයක් ලකුණු සමව අවසන් කරමින් ප‍්‍රසාද ලකුණු 24.50 ක් හිමිකරගෙන උත්සාහක දිනුම් අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත්ව සිටී.
පළමු කොටසේ ‘ඒ’ 02 කාණ්ඩයේ ක‍්‍රීඩා කළ ඉසිපතන විදුහල තරග පහම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 26.50 ක් ලබා එම කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීයේය.
පළමු කොටසේ ‘ඒ’ 01 කාණ්ඩයේ ක‍්‍රීඩා කළ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ද තරග පහෙන් තරග 4 ක් ජය ලබා තරගයක් සම තත්ත්වයෙන් අවසන් කරමින් ප‍්‍රසාද ලකුණු 24.50 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.
මහනුවර ත්රිත්ව විදුහල පළමු කොටසේ ‘ඒ’ 02 කාණ්ඩයේ තරග පහෙන් තරග 4 ක් ජය ලබා ඉසිපතන විදුහල හමුවේ පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 17.50 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.
දෙවැනි වටයේ තරග මේ මස 26 වැනිදා සිට ජූනි මස 21 වැනිදා දක්වා පැවැත්වේ.
පළමු කොටස (ඒ කාණ්ඩය) - 1 | |||||||||||||
පාසල | තරග | ජය | පරාජ | වි.නැ | උ.දි | ප්‍රව. | ද.ප. | ඩ්‍රො. | ල.ල. | දු. ල | ලකුණු | සාමා. | |
1 | මහනුවර කිංග්ස්වුඩ් විදුහල | 5 | 4 | 0 | 1 | 27 | 16 | 1 | 0 | 170 | 60 | 24.5 | 4.90 |
2 | කොළඹ ශාන්ත පීතර විදුහල | 5 | 4 | 0 | 1 | 23 | 14 | 5 | 0 | 158 | 80 | 24.5 | 4.90 |
3 | ගල්කිස්ස විද්‍යා විදුහල | 5 | 2 | 3 | 0 | 13 | 8 | 3 | 0 | 90 | 71 | 19 | 3.80 |
4 | ගල්කිස්ස ශාන්ත තොමස් විදුහල | 5 | 2 | 3 | 0 | 12 | 5 | 4 | 0 | 82 | 138 | 14 | 2.80 |
5 | ශා. අන්තෝනි විදුහල | 5 | 1 | 4 | 0 | 12 | 4 | 7 | 0 | 89 | 131 | 9.5 | 1.90 |
6 | මහනුවර ධර්මරාජ විදුහල | 5 | 0 | 5 | 0 | 7 | 4 | 6 | 0 | 61 | 169 | 5.5 | 1.10 |
පළමු කොටස (‘ඒ‘ කාණ්ඩය) - 2 | |||||||||||||
පාසල | තරග | ජය | පරාජ | වි.නැ | උ.දි | ප්‍රව. | ද.ප. | ඩ්‍රො. | ල.ල. | දු. ල | ලකුණු | සාමා. | |
1 | කොළඹ ඉසිපතන විදුහල | 5 | 5 | 0 | 0 | 28 | 15 | 0 | 0 | 170 | 73 | 26.5 | 5.30 |
2 | මහනුවර ත්රිත්ව විදුහල | 5 | 4 | 1 | 0 | 21 | 10 | 9 | 1 | 155 | 47 | 17.5 | 4.38 |
3 | කොළඹ රාජකීය විදුහල | 5 | 3 | 2 | 0 | 15 | 9 | 11 | 0 | 126 | 82 | 18 | 3.60 |
4 | කොළඹ වෙස්ලි විදුහල | 5 | 1 | 4 | 0 | 15 | 5 | 5 | 1 | 103 | 92 | 11 | 2.20 |
5 | කොළඹ ශාන්ත ජෝසප් විදුහල | 5 | 2 | 3 | 0 | 9 | 4 | 5 | 0 | 68 | 87 | 13.5 | 2.70 |
6 | ඩී.එස්. සේනානායක විදුහල | 5 | 0 | 5 | 0 | 4 | 0 | 4 | 1 | 35 | 260 | 5.5 | 1.10 |
වි.නැ. - විසඳුමක් නැහැ, උ. දි. - උත්සාහක දිනුම්, ප්‍රව. - ප්‍රවර්ථන, ද.ප. - දඬුවම් පහර , ඩ්‍රො. - ඩ්‍රොප් ගෝල, ල.ල. - ලබාගත් ලකුණු, දු.ල. - දුන් ලකුණු, සාමා. - සාමාන්‍යය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.