Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කිටෙල් හත්වැනි අදියර ජයගනී

කිටෙල් හත්වැනි අදියර ජයගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ හත්වැනි අදියර ජය ගැනීමට මහ බ්‍රිතාන්‍යයේ මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 213.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ ට්‍රෝයස් නරගයෙන් ආරම්භ වී නුයිට්ස් සයින්ට් ජෝර්ජ්ස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා කිටෙල්ට ගත වූ කාලය පැය 5.03:18 කි.

මෙවර තරගාවලියේ දෙවැනි සහ හයවැනි අදියරවල ජයග්‍රාහකයා බවට පත්වූයේද කිටෙල්ය. ඒ අනුව මේ දක්වා අදියර 3 ක් ජයගත් එකම ක්‍රීඩකයා බවට පත්වීමටද ඔහු සමත්ව සිටියි.

කිටෙල් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ නොර්වේහි එඩ්වල්ඩ් බූසන් හත්වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ඕස්ට්‍රේලියාවේ මයිකල් මැතිව්ස් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. නොර්වේහි ඇලෙක්සැන්ඩර් ක්‍රිස්ටෝෆ් සහ ජර්මනියේ ජෝන් ඩෙගෙන්කොල්බ්  පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.
 
හත්වැනි අදියර ජයගැනීමට කිටෙල් සමත් වුවද, මුල් අදියර 6 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. එහිදී අදියර 7 ක් නිසා කිරීම සඳහා ඔහුට ගත වී ඇති මුලු කාලය පැය 28.47:51 කි. ෆෝම්ට වඩා විනාඩි 17:55 ක් පසුපසින් සිටින කිටෙල්ට සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ 120 ස්ථානයයි.

සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින මහ බි්‍රතාන්‍යයේ ජෙරේන්ට් තෝමස්, ෆෝම්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 14 ක් පසුපසින් සිටියි.   

පාපැදි සවාරියේ අටවැනි අදියර අද (8 වැනිදා) ඩෝල් නරගයෙන් ආරම්භ වී ස්ටේෂන් ඩස් රූසස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 187.5 කි.


සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 28.47:51
2 ජෙරේන්ට් තෝමස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 28.48:03
3 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 28.48:05
4 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 28.48:16
5 රිචී පොර්ට් (ඕස්ට්‍රේලියාව) - පැය 28.48:30
6 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 28.48:34
7 රොමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 28.48:38
8 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 28.48:43
9 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියාව) - පැය 28.48:45
10 රෆාල් මජ්කා (පෝලන්තය) - පැය 28.48:52


- 036


අදහස් (0)

කිටෙල් හත්වැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.