Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගජබා සුපර් ක්‍රොස් අනිද්දා සාලියපුරදී

ගජබා සුපර් ක්‍රොස් අනිද්දා සාලියපුරදී

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අනිද්දා (27 වැනිදා) වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය ඉසව් 25 කින් සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුලත් වේ. එහිදී මෝටර් රථ රියැදුරන් 104 ක් සහ යතුරුපැදිකරුවන් 134 ක් තරග වැදීමට නියමිතය.

දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග දෙක සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙක්ද, දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග දෙක සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙක්ද මෙවර තරගාවලියට සහභාගි වන බව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

මේ වසරේ අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස, මෙම තරගාවලියේදී සුපර් මොටාඞ් යතුරුපැදි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ නමින් නව කුසලානයක් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකත් සම්මාන දිනා ගත්හ. මෙවර තරගාවලියටත් ඉදිරිපත්ව සිටින ඔවුන් දෙදෙනාට සිය ශූරතා රැකගැනීමේදී අභියෝගයක් වන ක්‍රීඩකයන් අතර මෝටර් රථ කාණ්ඩයෙන් අශාන් සිල්වාද, යතුරුපැදි කාණ්ඩයෙන් ගයාන් සඳරුවන්ද පෙරමුණේ පසුවෙති.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

ගජබා සුපර් ක්‍රොස් අනිද්දා සාලියපුරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.