Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානට එරෙහිව ඩනෙඩින්හිදී පැවැති ලෝක කුසලාන තරගයේදී සිය 19 වැනි එක්දින ශතකය ලබාගත් මහේල ජයවර්ධන වත්මන් අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටතම පිතිකරුවකු වශයෙන් තමන්ට හිමි කීර්තිනාමය යළිත් වතාවක් තහවුරු කළේය. එහෙත් ශතකය ලබාගැනීමෙන් පසුව නිහඬවම සිය සතුට විඳදරාගත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයාට උවමනා කළේ කෙසේ හෝ ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණය දක්වාම පිටියේ රැඳී සිටීමයි.
තරගයෙන් අනතුරුව මහේල පවසා සිටියේ මෙම තරගයේදී ලබාගත් ශතකය ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ලබාගත් ශතකය තරමටම තමන්ට වටිනා බවයි.
”මේ ශතකය මට ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ලබාගත් ශතකය තරම්ම වටිනවා. මොකද මම මේ ශතකය ලබාගත්තේ කණ්ඩයම අමාරුවේ වැටිලා උන්නු වෙලාවකයි”
”ඒත් සතුට ප‍්‍රකාශ කරලා මගේ ගමන අවහිර කරගන්න මට ඕන වුණේ නෑ. ඒක අමාරු අවස්ථාවක්. ඒ වගේ වෙලාවක මානසිකව හු`ගාක් ශක්තිමක්ව ඉන්න ඕනෑ. ඒ නිසා නිහඬවම සතුට විඳගත්තේ තරගය ඉවර කරන්න ඕන වුණ නිසායි” යයි මහේල තරගයෙන් අනතුරුව පැවසීය.
ඇෆ්ඝනිස්ථානුවෝ නව පන්දුව භාවිතා කරමින් ඉතාමත් තර්ජනාත්මකව පන්දු යැවූහ. වේග පන්දු යවන්නන් තිදෙනා වූ දව්ලත් සද්රාන්, ෂපූර් සද්රාන් සහ හමීඞ් හසන් ඉතාමත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ. ඔවුන් තිදෙනාගෙන් වඩාත්ම තර්ජනාත්මක වූයේ වමතින් වේග පන්දු යවන්නා වූ ෂපූර් සහ හමීඞ් හසන් දෙදෙනාය.
එක්දින තරග 398 කට සහභාගි වී සිටියද හමීඞ් හසන්ගේ තුන්වැනි පන්දුව සංගක්කාරට හිතාගැනීමටත් අපහසු තාලයේ එකක් විය. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව සංගක්කාරගේ කඩුල්ල තුළට ඇදී එන විට ලකුණු පුවරුව කියැවුණේ ඕවර 5.3 කදී ලකුණු 18 ක් ලෙසිනි. තත්ත්වය වඩාත් භයානක වූයේ ඒ වන විටත් තිරිමාන්න සහ ඩිල්ෂාන් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට ගොස් සිටි බැවිනි.
සංගක්කාර කොහොමටත් පිටියට පිවිසි මොහොතේ සිටම පන්දුවට පහර දුන්නේ එතරම් විශ්වාසනීයත්වයකින් නොවේ. සිය විශ්වාසවන්තම සගයා ලකුණු 7 කට දැවී යාමත් සමගම මහේලට කණ්ඩායමේ බර කරට ගන්නට සිදුවූයේ පසුපෙළ පිතිකරුවන් කෙරේ තඹ සල්ලියක විශ්වාසයක් තැබිය නොහැකි බැවිනි.
විශ්වාසය තැබීමට ඉතිරි වී සිටි එකම පිතිකරුවා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් මහේලගේ සහායට ඉදිරිපත් වීම කණ්ඩායමේත් වාසනාව විය.
”ඒ වෙනකොට තිබුණ තත්ත්වයේ හැටියට අපි හිතාගෙන හිටියේ ඕවර 15 ක් 20 ක් කඩුලූ ආරක්‍ෂා කරගෙන කී‍්‍රඩා කරන්නයි. පස්සේ තත්ත්වය හොඳ වෙන බව අපි දැනගෙන හිටියා” යයිද මහේල පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ලැබූ පරාජයන් වැල සලකා බලන විට මෙවැනි අසීරු තරගයක් කී‍්‍රඩා කරන්නට ලැබීමත් එක් අතකින් හොඳ තත්ත්වයකි. එයින් සිදුවූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආත්ම විශ්වාසය වර්ධනය වීමත් තමන් කවුරුන්ද යන්න තේරුම ගැනීමට තිසර පෙරේරාට අවස්ථාව ලැබීමත්ය.
තිසර පෙරේරා නොදන්නවාට, තිසර යනු ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට අමිල සම්පතිකි. පසුගිය මාස හයේදීම තේරීම් කමිටු නිලධාරීන් උත්සාහ කළේ තමන්ගේ තත්ත්වය වටහා ගැනීමට තිසර අවස්ථාව දීමට වුවත් එය තේරුම් ගැනීමට තිසර උත්සාහ නොකළේය. පාකිස්තානු පිලට එරෙහිව සූරියවැවදී පැවැති එක්දින තරගයකට සහභාගි වීමට ගිය තිසර හිටි අඩියේ ගෙදර ආවේත් තේරීම් කමිටු නිලධාරීන් සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් බව දන්නේ කිහිප දෙනෙකි.
මැතිව්ස් මැදට පැමිණීමෙන් පසුව නායකයාගේ තිබූ දැඩි අධිෂ්ථාන ශක්තිය දුටු මහේල .....”ගහන පාර හරියට ගහන්න” යයි තමාටම කියාගනිමින් දුර්වල පන්දු ලැබෙන තෙක් බලා සිටියේය. ඒ අතරවාරයේදී මැතිව්ස් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ලකුණු එක දෙක එකතු කරමින්ලකුණු පුවරුව කි‍්‍රයාත්මකව තැබීය.
”ඔවුන් වෙත පීඩනය එල්ල කරන්නට අපට තිබුණ එකම ක‍්‍රමය ඒකයි. ඒත් අපි දෙදෙනාටම තරගය ඉවර කරන්න නොලැබුණු එක ගැන නම් කණගාටුයි” යයිද මහේල පැවසීය.
මෙවර ලෝක කුසලාන තරගාවලියත් වෙනදා මෙන්ම දීර්ඝ තරගාවලියකි. තරගාවලියේ තවත් සති පහක් පමණ ඉතිරිව තිබේ.
නවසීලන්ත තරගයෙන් පසු සතියක පමණ කාලයක් තරග නොකර සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉදිරි සතිය බෙහෙවින්ම කාර්ය බහුලය. අනිද්දා (26 වැනිදා) බංග්ලාදේශ පිල සමග මෙල්බර්න්හිදී තරග කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 1 වැනිදා එංගලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී තරග බිමට පිවිසෙයි.
”මේ වගේ තත්ත්වයක් උදාවෙන්න ඔන්න මෙන්න තියෙද්දී අපි නැවතත් දස්කම් අතරට ඒම හොඳ දෙයක්......තවමත් තරගාවලියයේ ආරම්භක කොටසයි. පොඩි අඩව්වක් ඇල්ලූවා තමයි. ඒත් ප‍්‍රසාද ලකුණු පුවරුවට ප‍්‍රසාද ලකුණු දෙකක් එක්වුණ එක නම් හොඳයි”
”අපේ දැඩි බව තව ටිකක් වැඩිකරගන්ත තියෙනවා නම් තවත් හොඳයි” එක්දින තරග 443 කට සහභාගි වෙමින් පසුගිය ඉරිදා ලෝක කුසලාන ලකුණු 1000 කඩයිම පසුකර ගිය මහේල පැවසීය.
ශී‍්‍ර ලංකා පිලට මෙතැන් සිට සෑම තරගයක්ම ඉතාමත් ප‍්‍රවේසම් සහගත ගනුදෙනුවකි. ඊට ප‍්‍රධාන කාරණාවක් වන්නේ බංග්ලාදේශය සහ ඕස්ටේ‍්‍රලියාව අතර ප‍්‍රසාද ලකුණු 1 ක් බැගින් බෙදී යාමයි.
කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී මීට වඩා ප‍්‍රවේසම් වූවා නම් හොඳ බවත් මහේල කියයි.
”ආසියානු කුසලාන තරගාවලියේදි අප ඔවුන්ව මුණ ගැසුණ වෙලාවෙත් ඔවුන් හොඳින් පන්දු යැව්වා. අපි එදා ලකුණු 250 ක් ගත්ත නිසාත් ඔවුන්ගේ පන්දු යැවීම අවසන් කොටසේදී කඩා වැටුණු නිසාත් අපි එදා තරගය ජයගත්තා” යයි මහේල පැවසීය.
මහේල පවසන පරිදි කිසියම් ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කරගැනීමේදී කී‍්‍රඩකයෝ ලකුණු නොදී සිටීමට අතිරේක උත්සාහයක් ගනිති. ඒ උනන්දුව ඉදිරියේදීත් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවද මහේල කියයි.
”ඒ දේ කරන්න අපි දැනගන්න ඕනෑ. එක එක්කෙනාට පුළුවන් තමන්ගේ උනන්දුව වැඩි කරගන්න”
”මේක ලෝක කුසලාන තරගාවලියක්. ඒ නිසා ඒ අතිරේක උත්සාහය නැත්නම් 5% ක 10% ක අතිරේක වෑයම අපව ඉදිරියට තල්ලූ කිරීමේදී ඉතාමත් වැදගත්” මහේල වැඩිදුරටත් කියයි.
වෙනත් බොහෝ පරිණත කී‍්‍රඩකයන් කියන්නාක් මෙන් මහේල පවසන්නේත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සම සාමාජිකයන්ට වැඩි වැඩියෙන් අවස්ථා ලැබිය යුතු බවයි. එයම ඔවුන් වඩාත් දියුණු කි‍්‍රකට් කණ්ඩායම් බවට පත්කරනු ඇති බවද හෙතෙම කියයි.
”බටහිර ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගයේදී අයර්ලන්තයත් මේ බව හොඳින් පෙන්නුම් කළා”
”මීළග ලෝක කුසලාන තරගාවලියේදී සම සාමාජිකයන් එපාද කියා මීට පෙරත් මගෙන් අහලා තියෙනවා..මගේ සෘජු උත්තරය වුණේ ‘එහෙම නෙමෙයි’ කියන එකයි....”
”ශී‍්‍ර ලංකාවට ඒ අවස්ථාව උදාවුණේ 1975 විතර. ඒත් අපි ටෙස්ට් තත්ත්වය ලබාගත්තේ 1982 දී”
”අපට එදා ඒ අවස්ථාව නොලැබුණා නම් අපිත් අද මෙතැන නොසිටින්න තිබුණා. අප ඔවුන්ව බලාගන්න ඕනෑ. ඔවුන්ට වැඩි වැඩියෙන් අවස්ථාව දෙන්න ඕනෑ” යයිද මහේල පැවසීය.
ලසිත් මාලිංගගේ පුනරාගමනය පිළිබඳවද අදහස් දැක්වූ මහේල පවසන්නේ සෑම තරගයක් තරගයක් ගානේම මාලිංග සුපුරුදු දස්කම් අතරට එමින් සිටින බවයි.
”එයාට එක එක දේවල් කරන්න පුළුවන්. නවසීලන්ත තරගයෙන් පස්සේ ඇවිත් ඔහු හු`ගාක් හොඳට පන්දු යැව්වා...එයාට පන්දු යැවීමේ අපහසුතාවක් නැත්නම්, දවසින් දවස ලසිත් හොඳ තත්ත්වයට පත්වේවි”
”එයා අපේ කණ්ඩායමේ වැදගත් පුරුකක්. පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර කිහිපයේදීත් එයා ඉතාමත් හොඳ මන්දගාමී පන්දු වගේම යෝකර් පන්දු කිහිපයක්ම යැව්වා” යයිද මහේල පැවසීය.
කි‍්‍රකට් පොතේ ඉතාමත් පැහැදිළිව සටහන් වී ඇති ‘ලේට් කට්’ පහර ගැසීමේ අතිශූරයකු වන මහේල පසු කලෙකදී එම පහර තමාට රිසි පරිදි එහාමෙහා කරගත්තේය. 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී තර්ඞ් මෑන් කලාපයට ඉහළින් පන්දුව යවමින් මහේල ලකුණු 6 ක් ලබාගත්තේද තමා විසින් රිසි පරිදි වෙනස් කරන ලද ලේට් කට් පහරිනි.
බොහෝ අවස්ථාවන්හිදී මහේල මේ පහරින් ලකුණු ලබාගන්නා නමුත් පෙරේදා තරගයේදී දැවී ගියේද එම පහර වැරදී යාමෙනි.
”දැවී යාම ගැන නම් ඇත්තටම කණගාටුයි...ඒත් මට ඕන කළේ තරගය ඉවර කරන්නයි”
”ඒ වෙලාවේ කොතැනින් හරි ලකුණු ලබාගන්න හිතාගෙනයි මම ඒ පහර ගැහැව්වේ. ඒත් පොඞ්ඩක් වැරදුණා...කොහොම වුණත් මම ඒ පාර ගහන එන නවත්වන්නේ නෑ. ඒ පහරින් මම ලකුණු ගොඩාක් ලබාගන්නවා” යයිද මහේල පැවසුවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ හොඳ සහ නරක දෙකම සම සිතින් පිළිගත යුතු බව සිහිපත් කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.