Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගම්පහ රත්නාවලියට ලකුණු 29 ක ජයක්

ගම්පහ රත්නාවලියට ලකුණු 29 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය හා නුගේගොඩ අනුලා විද්‍යාලය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 2 වැනි වරටත් පැවති වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් ලකුණු 29 ක ජයක් හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අද (11 වැනිදා) සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ අනුලා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට රත්නාවලි බාලිකා විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ට ඕවර 44.5 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135 පමණි.

අමාධි කාවින්ද්‍යා ලකුණු 25 ක් සහ පබසරා රණබාහු ලකුණු 22 ක් රැස්කරමින් රත්නාවලි බාලිකා විද්‍යාලයීය ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනුලා විද්‍යාලයේ ජනධි අනාලි ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වූවාය.

ජයග්‍රහණය සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අනුලා විද්‍යාලයට ඕවර 43.3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකී වූයේ ලකුණු 106 ක් පමණි.

අනුලා විද්‍යාලයේ හර්ෂිතා මාධවී (22) හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කර යාමට අවස්ථාව හිමි නොවීය.

රත්නාවලි බාලිකා විද්‍යාලයේ නෙත්මි ආරියරත්න ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ හෙලමින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගියාය.

රත්නාවලි බාලිකා විද්‍යාලය - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී  135
(අමාධි කාවින්ධ්‍යා 25, පබසරා රණබාහු 22, ජනාදි අනාලි 4/16, අශ්මිනි කලින්දි 2/25 )

අනුලා විද්‍යාලය - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 106
(හර්ෂිතා මාධවී 22, නෙත්මි ආරියරත්න 4/33)

 

රත්නාවලී - අනුලා බාලිකා මහක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ

- 024


අදහස් (0)

ගම්පහ රත්නාවලියට ලකුණු 29 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.