Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගම පරදා නගරය පෙරමුණ ගනී

ගම පරදා නගරය පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම නගරයට පරාජය වූ බවක් පෙන්වූ යාපනයේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ වයස් කාණ්ඩ ශූරතා බහුතරයක් දිනා ගැනීමට සමත් වූයේ නගරබද පාසල් වීම කැපී පෙනුණි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කගේ සහභාගීත්වයෙන් තෙදිනක් පුරා යාපනය “දොරේඅප්පා” පිටියේදී පැවැති මෙවර සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියට වැස්සෙන් බාධා එල්ලවීම නිසා එහි පැවැති ඉසව් ගණනාවකට බලපෑම් එල්ල විය.

එම තත්ත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මෙවර තරගාවලියේ අවම වීමට ද හේතුවක් වූ බව පෙනුණි. කෙසේ වුවත් බාලක හා බාලිකා වයස් කාණ්ඩ ශූරතා 10ක් සඳහා මෙවර තරගාවලිය පැවැත්වීමේදී වඩාත් ඉදිරියට පැමිණියේ නගරබද පාසල්ය.

එහිදී වයස 14න් පහළ බාලිකා ශූරතාව පළමු වතාවට දිනා ගැනීමට නාවල (රාජගිරිය) ජනාධිපති බාලිකා විදුහල සමත්විය. ඒ අතර තවත් නගරබද ප්‍රධානතම පාසලක් වන පන්නිපිටිය ධර්මපාල විදුහල වයස 16න් පහළ බාලක ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල පහසුවෙන් පරාජයට පත් කරමින් එහි ශූරතාව හිමිකර ගත්තේය.

වයස 12න් පහළ බාලිකා ශූරතාව මීගමුව ආවේමරියා කන්‍යාරාමය දිනා ගැනීමේදී මහනුවර මහාමායා බාලිකා විදුහල ඔවුන්ට දෙවැනි වූයේ එක ලකුණකින් පමණි.

මෙම සමස්ත බාලක ශූරතාව ලද කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේ වයස් කාණ්ඩ ජයග්‍රහණයන් එකකට පමණක් සීමා විය. කෙසේ වුවත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ බාලිකා ශූරතා දස්කම් මෙවරත් ඉහළම තැනක විය. වයස් කාණ්ඩ (බාලිකා) ශූරතා දෙකක් ඇතුළුව ඔවුන් මුළු තරග පුරා දිනා ගත් අනුශූරතා ගණන ද දෙකකි. සම ලකුණු තත්ත්වයන් හේතුවෙන් වයස 12න් පහළ බාලක හා වයස 16න් පහළ බාලිකා තෙවැනි ස්ථාන දෙකක් ප්‍රදානය කිරීමට සිදුවිය.

මේ අතර නීති විරෝධී ධාවන තත්ත්වයන් මැද ඉසව් කීපයක ප්‍රතිඵල විරෝධතා මැද සංශෝධනය කෙරුණි. තරග මාලාව නිමාවට පත් කරමින් පැවැති වයස 20න් පහළ බාලක ඉසව්ව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් කණ්ඩායම ජය ගත්තත් ඔවුන්ගේ එම ජයග්‍රහණය අවලංගු කෙරුණේ ඊට තරග වැදුණු ගම්පහ බණ්ඩාරනායක මහා විදුහලින් ගොනු කළ විරෝධතාවයක් හේතුවෙනි.

මෙම තරගාවලියට නෙස්ලේ ලංකා සමාගම අනුග්‍රහය දැක්වීය.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මෙයින් අනතුරුව දියගම “මහින්ද රාජපක්ෂ” පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් 12 සිට 16 වැනිදා දක්වාය.


සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලියේ වයස් කාණ්ඩ ශූරතා තරග ප්‍රතිඵල (බාලක)

බාලක තරග
■    වයස 12න් පහළ:- ශූරතාව - මහනුවර ත්‍රිත්ව විදුහල (20), අනුශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල (14), තෙවැනි සම ස්ථානය - මාතර රාහුල විදුහල හා කොළඹ ආනන්ද විදුහල (ලකුණු 5 බැගින්)
■    වයස 14න් පහළ:- ශූරතාව - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (22), අනුශූරතාව - මාතර රාහුල විදුහල (16), තෙවැනි ස්ථානය:- මරදාන ශාන්ත ජෝශප් විදුහල (15)
■    වයස 16න් පහළ:- ශූරතාව - පන්නිපිටිය ධර්මපාල විදුහල (30), අනුශූරතාව - මහනුවර ත්‍රිත්ව විදුහල (15), තෙවැනි ස්ථානය - ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල (14)
■    වයස 18න් පහළ:- ශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (38), අනුශූරතාව - වලල ඒ රත්නායක මැදි විදුහල (25), තෙවැනි ස්ථානය - කොළඹ රාජකීය විදුහල (21)
■    වයස 20න් පහළ:- මීගමුව මාරිස්ටෙලා විදුහල (41), අනුශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (29), තෙවැනි ස්ථානය - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (23)


බාලිකා තරග
■    වයස 12න් පහළ:- ශූරතාව - මීගමුව ආවේමරියා කන්‍යාරාමය (15), අනුශූරතාව - මහනුවර මහාමායා බාලිකා විදුහල (14), තෙවැනි ස්ථානය - පන්නිපිටිය ධර්මපාල විදුහල (10)
■    වයස 14න් පහළ:- ශූරතාව - නාවල ජනාධිපති බාලිකා විදුහල (27), අනුශූරතාව - මහඋස්සවැව ශ්‍රී රතනපාල මහා විදුහල (17), තෙවැනි ස්ථානය - රත්නපුර සුමන බාලිකා විදුහල (14)
■    වයස 16න් පහළ:- ශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විදුහල (37), අනුශූරතාව - වලල ඒ රත්නායක මැදි විදුහල (20), තෙවැනි සම ස්ථානය මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය හා පන්නිපිටිය ධර්මපාල විදුහල (12 බැගින්)
■    වයස 18න් පහළ:- ශූරතාව - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (45) අනුශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කෝතලාවල මහා විදුහල (29), තෙවැනි ස්ථානය - කොළඹ මියුසියස් විදුහල (21)
■    වයස 20න් පහළ:- ශූරතාව - වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල, අනුශූරතාව - අඹගමුව මධ්‍ය මහා විදුහල (31), තෙවැනි ස්ථානය - රත්නපුර සුමන බාලිකා විදුහල (21)

 


අදහස් (0)

ගම පරදා නගරය පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.