Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගයන්තිකා - නිමාලි හෙට තරග බිමේ

ගයන්තිකා - නිමාලි හෙට තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

චීනයේ වුහාන්හිදී දැන් පැවැත්වෙන 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සිවුවැනි දිනය වන හෙට (06) ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරියන් වන ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලි සහ ගයන්තිකා අබේරත්න මීටර 800 කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වීමට නියමිතව සිටියහ.

තරගාවලියේ තෙවැනි දිනය වූ අද (05) විවේක දිනයක් වූ අතර ශ්‍රී ලංකාවට මේ දක්වා පදක්කමක් දිනා ගැනීමට නොහැකි වී තිබුණි.  

ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනෙකු කේවල තරගවලට ද, ශ්‍රී ලංකා මීටර 400X4 සහාය දිවීම පිරිමි කණ්ඩායම ද, හෙට (06) සහභාගි වීමට නියමිතය.  

මීටර 100X4 සහාය දීමේ කණ්ඩායම නියෝජනය කළ විනෝජ් මුතුමිණ අද (05) මිටර 200 ඉසව්වට සහභාගි වීමට සූදානමින් සිටියේය.

නාමිලි සහ ගයන්තිකා මෙම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති බවට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා බලධාරීහු විශ්වාසය තබා තිබේ. ගයන්තිකා අබේරත්න පසුගිය වසරේ දකුණු කොරියාවේ පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 800 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.   

ශ‍්‍රී ලංකා මීටර 100X4 සහය දිවීම පිරිමි කණ්ඩායම තත්පර 39.38 කාලයක් වාර්තා කරමින් සිවුවැනි ස්ථානයට පත්වූ අතර එය එම ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාව අභිබවා යෑමකි. මෙම තරගාවලියේ මේ දක්වා සාර්ථකම ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස 100X4 සහය දිවීමේ පිරිමි කණ්ඩායම හැදින්විය හැකිය.

මෙහිදී හිමාෂ ඒෂාන්, ෂෙහාන් අෙ ඕපිටිය, විනෝජ් මුතුමිණ සහ මොහොමඞ් ලතීෆ් ශ‍්‍රී ලංකා මීටර 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළහ.


හෙට (06) ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වන තරග

මීටර 800 (කාන්තා) - මූලික වටය
ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලි (ඉහළතම දක්‍ෂතාව - විනාඩි 2:04.32) සහ ගයන්තිකා අබේරත්න (ඉහළතම දක්‍ෂතාව - විනාඩි 2:04.41)

මිටර 200 (පිරිමි) - මූලික වටය
විනෝජ් මුතුමිණ (ඉහළතම දක්‍ෂතාව - තත්පර 21.22)

හෙල්ල විසිකිරීම (පිරිමි) - අවසන් තරගය
ලක්‍ෂාන් දයාරත්න (ඉහළතම දක්‍ෂතාව - මීටර 77.08)

තුන් පිම්ම (පිරිමි) - අවසන් තරගය
සංජය දේවගේ (ඉහළතම දක්‍ෂතාව - මීටර 16.02)

මීටර 400X4 සහාය දිවීම (පිරිමි) මූලික වටය
ශ්‍රී ලංකා කණ්ඩායම (ඉහළතම දක්‍ෂතාව - විනාඩි 3:02.71) - තෙවැනි මූලික තරගය

මීටර 800 (පිරිමි) - මූලික වටය
ඉදුනිල් මධුෂාන් හේරත් (ඉහළතම දක්‍ෂතාව - විනාඩි 1:48.69)

 

- 048


අදහස් (0)

ගයන්තිකා - නිමාලි හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.