Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගයාන්ගේ සිහිනය ඉවෝන් බොඳකරයි

ගයාන්ගේ සිහිනය ඉවෝන් බොඳකරයි

Nisanka Sandeepani - 2017 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි වරටත් ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමේ අවස්ථාව ප්‍රවීන ක්‍රීඩක ගයාන් සඳරුවන්ට අහිමි කරමින් මෙවර (2017) තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට යොවුන් ක්‍රීඩක ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය. 
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව හත්වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී ඉකුත් ඉරිදා (17 වැනිදා) නිමාවට පත්විය.
 
ගයාන් සඳරුවන්ට පමණක් දෙවැනි වෙමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර නිමා කළ ඉවෝන් බී. ගුරුසිංහ, ඉතා දක්ෂ ලෙස දෙවැනි අදියර ජයගත්තේ ගයාන් සඳරුවන් එහි දෙවැනි ස්ථානයට පත්කරමිනි. ඉවෝන්ට සහ ගයාන්ට හොඳ තරගක් දුන් ජාක් ගුණවර්ධනට එම අදියර දෙකේම තෙවැනි ස්ථාන හිමිවිය.
ඉවෝන් බී. ගුරුස

එම ජයග්‍රහණයට අමතරව එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගැනීමටද ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය. කෙසේ වුවත් ධාවන පථය මැද ඇදවැටීමකට ලක්වීම නිසා එම ඉසව්වේ දෙවැනි අදියරේදී ඔහුට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. දෙවැනියා ලෙස එහි පළමු අදියර අවසන් කළ ශානුක සඳරුවන්, ඉවෝන්ගේ ඇද වැටීම නිසා ඉතා පහසුවෙන් දෙවැනි අදියර ජයගත්තේය. 

ඉවෝන්, සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්  තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2014 වසරේ පැවැති කාල්ටන් සුපර් ක්‍රොස් තරගාවලියේදී සහ 2016 වසරේ පැවැති කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලියේදීද දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ඇත. 
 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර පළමු අදියර ජයගත් ඉමාල් මංචනායක, එහි දෙවැනි අදියර දෙවැනියා ලෙසින් නිමා කළේ ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලානටද හිමිකම් කියමිනි. එහිදී ඉමාල්ට හොඳ තරගයක් දුන් සචිර රාජකරුණා පළමු අදියරේ දෙවැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටත් පත්වෙද්දී, කලකට පසු සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි උද්දික ශ්‍රීමාල් මලවිගේ දෙවැනි අදියරේ ජය තමන් සතුකර ගත්තේය. 
 
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගයෙන් මෙන්ම එම ඉසව්වේ සන්නද්ධ සේවා යතුරුපැදි තරගයෙන්ද ජය ලැබීමට යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුවේ නිහාල් විජේරත්න සමත් වෙද්දී, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගයෙන් මෙන්ම එම ඉසව්වේ සන්නද්ධ සේවා යතුරුපැදි තරගයෙන්ද ජය ලැබීමට සංඥා බළකායේ බුද්ධික කසුන් සිල්වා සමත් විය. 
 
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය ජයගැනීමට නිසල මලින්ද සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට විනුෂ්ක සිල්වා සමත් විය.
 
වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීමට සමත් වූයේ මිනුක රත්නායක සහ රිවිනු රත්නායන නිවුන් සොහොයුරන් විසිනි. 
 
මෙවර තරගාවලියට යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත් වූ අතර කෝස්වේ පේන්ට්ස් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත්, සියැට් සමාගම එහි සම අනුග්‍රාහකයා ලෙසත් කටයුතු කළේය. 
 
තරග ප්‍රතිඵල
 
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි  (අවුරුදු 10 න් පහළ) තරගය
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 රවිනු රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50) 
3 ඇසල මදනායක (යමහා පී. ඩබ්ලිව්. 50) 
 
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය

 

ඉමාල් මංචනායක
1 නිසල මලින්ද (කේ. ටී. එම්. 85) 
2 ගඟන ප්‍රනාන්දු (හස්කුවර්නා 85)
3 දේමිත ජයවර්ධන (කේ. ටී. එම්. 85) 
 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගය
1 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)
3 ස්ටීවන් ප්‍රනාන්දු (කේ. ටී. එම්. 85) 
 
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද සන්නද්ධ සේවා යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 නිහාල් විජේරත්න (කේ. ටී. එම්. 125) 
2 නිලංක මාවැල්ල (කවසාකි කේ. ඩී. එකස්. 125) 
3 කසුන් විජේසේකර (කවසාකි කේ. ඩී. එකස්. 125) 
 
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 නිහාල් විජේරත්න (කේ. ටී. එම්. 125) 
2 කසුන් විජේසේකර (හස්කුවර්නා 125) 
3 කසුන් වීරසිංහ (කවසාකි කේ. ඩී. එක්ස්. 125) 
 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි තරගය
1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (හොණ්ඩා සී. ආර්. 125)
 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය 
1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125) 
3 ඉසුරු මධුරංග (යමහා වයි. ඉසෙඞ්. 125) 
 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය 
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 
2 සචිර රාජකරුණා (හමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 
3 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250) 
 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 උද්දික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250) 
2 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 
3 සචිර රාජකරුණා (හමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 
 
එම් කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
 
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) දෙවැනි යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 
3 ජාක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250) 
 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 
3 ජාක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250) 
 
ඉවෝන් බී. ගුරුසිංහ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

ගයාන් සඳරුවන්

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ජාක් ගුණවර්ධන
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ඉමාල් මංචනායක
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
බුද්ධික කසුන් සිල්වා
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ඡායාරූප - ශානුක අරවින්ද 

අදහස් (0)

ගයාන්ගේ සිහිනය ඉවෝන් බොඳකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.