Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා සහ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ශූරතා දිනාගත් ගයාන් සඳරුවන්ට සහ අශාන් සිල්වාට මේ වසරේදී එම ශූරතා රැකගැනීමට අනිකුත් තරගකරුවන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ලවී තිබේ.
ඒ අනුව පසුගිය වසරේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වූ අශාන් සිල්වාට මෙවර තම ශූරතාවය රැකගැනීම සඳහා අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් දෙහෙරගොඩ, පසිඳු පීරිස්, ජනක ඩයස් වැනි වැනි ප්‍රවීන තරගකරුවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය තරගාවලි වලදී ඉහළ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක දමිත් වීරසිංහගෙන් අශාන්ට එල්ල වන අභියෝගයද මෙහිදී අවතක්සේරු කළ නොහැක.
කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර පැවැති තිස්සමහාරාම සුපර්ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබීම, අශාන්ට මෙම තරගාවලියේදී තම මානසික ඒකාග්‍රතාව ඉහළ නංවාගැනීම සඳහා මනා රුකුළක් වේ.
දක්ෂතම මෝටර් රථ ධාවකයා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සඳහා මෙවර තරගකරුවන් 18 ක් පමණ සහභාගීවීමට නියමිතය. ඒ හේතුවෙන් නරඹන්නන්ට ඔවුන්ගෙන් වඩාත් උණුසුම් තරගකාරීත්වයක් බලා පොරොත්තු විය හැකි බව මෝටර් රථ කී‍්‍රඩා විචාරකයන්ගේ මතයයි.
පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ගයාන් සඳරුවන්ට අභියෝග කිරීමට ශෙහාන් සී. අධිකාරි, ඉශාන් දසනායක, සමීර පේ‍්‍රමරත්න, දේෂාන් සොලංකි සහ රුමීෂ බුල්ජන්ට්ස් වැනි ප්‍රබල තරගකරුවෝ සූදානමින් සිටිති.
පසුගිය වසරේ අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේ ශූරයාවූ ජැක් ගුණවර්ධන මේ වසරේ ප්‍රධාන යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදීමද ගයාන්ට යම් තරමක හිසරදයක් වනු නොඅනුමානය.
පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති ගාල්ල මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ගයාන් සඳරුවන්ට හැකිවූවත්, මේ මාසයේදී පැවැති තිස්සමහාරාම සුපර්ක්‍රොස් තරගාවලියේදී තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඔහු අපොහොසත් විය. ඒ අනුව ඔහුට මෙම තරගාවලියේදී තම ශූරතාව රැකගැනීමට නම් තිස්සමහාරාමයේදී තමන් අතින් සිදුවූ දුර්වලතා සීගිරියේදී මගහරවාගත යුතුවේ.
දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 සඳහා මෙවර යුද හමුදාව, නාවික හමුදාව, එක්සයිඞ්, සියැට් යනාදී කණ්ඩායම් 6 ක් නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනකු පමණ සහභාගීවීම එහි තරගකාරීත්වය තවත් වැඩි වීමට හේතුවනු ඇත.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව තරග ඉසව් 20 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනකුද සමගින් දේශීය තරගකරුවන් 130 දෙනකු ඊට පමණ එක්ව සිටිති.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 6 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා සියැට් සමාගම ඉදිරිපත්ව සිටින අතර ලංකා බැංකුව, එටිසෙලාට්, බ්රැන්ඞ්ටෙල්, හොන්ඩා සහ මහජන බැංකුව යන සමාගම් සහ ආයතන තරගාවලියේ සම අනුග්රහකයන් ලෙස කටයුතු කරයි.
හෙට (23 වැනිදා) පෙරවරු 8.30 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී තරගාවලිය පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.