Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ‘ලයන්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ ලයිට් ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 49) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ගයාන් මධුෂාන් සහ මලිත් ප‍්‍රභාෂ්වර අද (29 වැනිදා) සමත්වූහ.
එම බර පංතියේ පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ ගයාන් මධුෂාන්, පිලිපීනයේ රෝගන් ලැඩොන් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායම නියෝජනය කළ මලිත් ප‍්‍රභාෂ්වර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මැලේසියාවේ ෆොඞ් රෙඞ්සුවාන් පරාජය කරමිනි.
ලයිට් ෆ්ලයි බර පංතියේ අවසන් පූර්ව තරග 2 ට අමතරව අනිකුත් බර පංති වල අර්ධ අවසන් වටයේ තරග 13 ක්ද අද දිනයේදී පැවැත්විණ.
එහිදී ෆ්ලයි බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 52) තරග වැදුන ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායමේ නායක සුරේෂ් පට්ටිආරච්චි සිංගප්පූරු කී‍්‍රඩක හනුර්ඞීන් හමීඞ් පරාජය කරමින් එම කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ලයිට් වෙල්ටර් බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 64) තරග වැදුන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන මොහොමඞ් ඩිල්ෂාන් එම කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මැලේසියානු කී‍්‍රඩක ඛීර් අස්මි පරාජය කරමිනි.
‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ මධුරංග පතිරගේ කෙන්යානු කී‍්‍රඩක ඩෙනිස් ඔකුත් හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත්වූ අතර ‘බී’ කණ්ඩායම නියෝජනය කළ දමිත් විජේරත්නට සහ ඒ. අයි. රාජපක්ෂට පිළිවෙලින් කෙන්යානු කී‍්‍රඩකය ඔක්විරි රේටොව් හමුවේ සහ බෙල්ජියම් කී‍්‍රඩක අනාස් මැසොව්දි හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
අද දිනයේදී ලයිට් බර පංතියේ (කි. ග‍්‍රෑ. 57-60) කාන්තා අර්ධ අවසන් පූර්ව තරග වලට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් දෙදෙනකු (ඒ. කේ. හංසිකා සහ කේ. ජී. උදයංගනී) සහභාගීවූ අතර කොරියානු සහ චීන තායිපේ කී‍්‍රඩිකාවන් හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ටද අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැරදැමීමට සිදුවිය.
තරගාවලියේ ඉතිරි අවසන් පූර්ව තරග හෙට (30 වැනිදා) පැවැත්වෙන අතර සියලූ අවසන් මහ තරග මැයි මස 2 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊයේ(29) සහභාගීවූ තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 49) අවසන් පූර්ව වටය (පිරිමි)
ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 52) අර්ධ අවසන් පූර්ව වටය (පිරිමි)
ලයිට් වෙල්ටර් බර පංතියේ (කි. ග‍්‍රෑ. 64) අර්ධ අවසන් පූර්ව වටය (පිරිමි)
වෙල්ටර් බර පංතියේ (කි. ග‍්‍රෑ. 69) අර්ධ අවසන් පූර්ව වටය (පිරිමි)
ලයිට් බර පංතියේ (කි. ග‍්‍රෑ. 57-60) අර්ධ අවසන් පූර්ව වටය (කාන්තා)
වෙල්ටර් බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයේ ඒ. අයි. රාජපක්ෂ සහ අනාස් මැසොව්දි අතර තරගයේ අවස්ථාවක්
(ඡයාරූප - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.