Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ශූරතාව දිනයි

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

පාසල් රග්බි සංගමය සංවිධානය කළ ‘සිංගර්’ කුසලාන වයස 18 න් පහළ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනිමට ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මහනුවර කිංග්ස්වුඞ් විදුහලට අනු ශූරතාව හිමිවිය.

මෙම තරගාවලිය පසුගිය සති අන්තයේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්විණි.

පළඟ ශූරතාව කොළඹ වෙස්ලි විදුහල දිනාගත් අතර එහි අනු ශූරතාව කොළඹ රාජකීය විදුහලට හිමිවිය.

මහනුවර ධර්මරාජ විදුහල බදුන ශූරතාව දිනාගත් අතර අනු ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිවිය. ලූම්බිණි විදුහල පළිහ ශූරතාව දිනාගත් අතර පානදුර රාජකීය විදුහල් එහි අනු ශූරතාව හිමිකර ගත්තේය.

විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 24-7 ක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කිරීමට සමත් විය.

තරගාවලියේ ජයසංකේත ප‍්‍රදානෝත්සවයට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවර්ධන කළමණාකරු කේ. ඞී. එස්. කනිෂ්ක සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ සහ පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරු සහභාගි වූහ.  


තරග ප‍්‍රතිඵල
අවසන් මහ තරග

  • කුසලාන ශූරතාව: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 24-7 කින් මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කරන ලදී
  • පළඟ ශූරතාව: වෙල්සි විදුහල විසින් ලකුණු 15-7 කින් කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදී.
  • බදුණ ශූරතාව: මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 36-0 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදී.
  • පළිහ ශූරතාව: ලූම්බිණි විදුහල විසින් ලකුණු 24-0 කින් පානදුර රාජකීය විදුහල පරාජය කරන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවර්ධන කළමණාකරු කේ. ඞී. එස්. කනිෂ්ක මහතා අතින් විද්‍යා විදුහල් පිලේ නායකයා ශූරතා කුසලාන ලබා..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ සහ පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා අතින් වෙස්ලි විදුහල් පිලේ නායකයා පළඟ කුසලාන ලබමින්..

 

ඡායාරූප: ඉසුරු පෙරේරා


අදහස් (1)

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.