Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර මේ දිනවල පැතිරයන දරුණු ලැව් ගින්න හේතුවෙන් ඔලිම්පික් පදක්කම් 10 ක් දිනාගත් ගැරී හෝල්ට (කනිෂ්ඨ) සිය ඔලිම්පික් පදක්කම් සියල්ලම අහිමි වී තිබේ. එහෙත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ගැරී හෝල්ට අහිමි වූ පදක්කම් වෙනුවට ඒවායේ අනුරූ ලෙසින් සකස් කරන ලද, වෙනත් පදක්කම් පිරිනමන බවයි.
ගැරී හෝල් ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයන් අතර සුවිශේෂී නමක් හිමිකරගත් ක්‍රීඩකයෙකි.
1996 (ඇට්ලැන්ටා), 2000 (සිඩ්නි) සහ 2004 (ඇතෑන්ස්) ඔලිම්පික් උළෙල වලදී ඔහු රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා තිබේ.
ඔහු පදිංචිව සිටි ‘පැසිපික් පාලිසේඩ්ස්’ ප්‍රදේශය හරහා ලැව් ගින්න පැතිර යද්දී ගැරී හෝල් සිය අතට අසුවූ දේ පමණක් රැගෙන ගින්නෙන් පළා ගියේය. වේගයෙන් තමන් වෙත එන ගිනිදළු වලට මැදිවීමට පෙර, ඔහුට අත්පත් කරගත හැකිවූයේ සිය සුරතල් බල්ලාත්, දියවැඩියාව සඳහා ගනු ලබන ඉන්සියුලින්, තම සීයාගේ රුව රැගත් චිත්‍රයක් සහ ආගමික වටිනාකමක් සහිත කෞතුක වස්තුවක් පමණි. තම පදක්කම් ඇතුළු අනෙකුත් වැදගත් දේ ලබාගැනීම සඳහා නැවත පැමිණෙන විට ලැව් ගින්නෙන් ඒ සියල්ල දා අළුවී ගොස් තිබිණ.
“ගින්නෙන් බේරීමට දිව යද්දීත් සුළ`ගේ පා වී ආ අඟුරු කැට මා වෙතට එමින් තිබුණා. ඒ නිසා මම බල්ලාවයි, එයාගේ කෑම ටිකයි අරගෙන පළාගියා” යයි ගැරී හෝල් ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත් පතට කියා තිබිණ.
කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ලොක්කා වන තෝමස් බෙක් මහතා ‘එක්ස්’ පණිවුඩයක් තබමින් කියා ඇත්තේ ගැරී හෝල්ගේ පදක්කම් වෙනුවට ඒවායේ අනුරූ ඔහුට පිරිනමන බවයි.
- ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.