Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගීතානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ගීතානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශනුක අරවින්ද - 2015 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොං හි අද (25) පැවැති 15 වැනි ආසියානු මැරතන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා දස්කම් දක්වමින් මැරතන් (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවාය 

පැය 2 විනාඩි 40 තත්ත්පර 07කට මෙවර ආසියානු කාන්තා මැරතන් තරගය නිමකරමින් පස්වැනි ස්ථානයට පැමිණි ගීතානි රාජසේකර 30 හැවිරිදි ක‍්‍රීඩිකාවකි. 

යුද හමුදාවේ සේවය කරන ගීතානි මැරතන් ඉසව්වට පිවිස ඉතා කෙටි කාලයකින් සුවිශේෂී දස්කම් දැක්වීම කැපී පෙනෙන සිදුවීමකි.

මැරතන් තරගයට පළමු වතාවට සහභාගි වෙමින් ඇය පසුගිය ඔක්තෝම්බර් 5 වැනිදා පැවැති කොළඹ මැරතන් (කාන්තා) තරගය නව ශ්‍රී ලංකා වාර්තාවක් 
පිහිටුවමින් ජයගත්තේ පැය 2 විනාඩි 47 තත්ත්පර 55 කටය.

වසර 2016 මොස්කව්හිදී පැවැත්වෙන 31 වැනි ඔලිම්පික් උළෙලේ මැරතන් (කාන්තා) පරිසාදන මට්ටම පැය 2 විනාඩි 43.00ක් ලෙස ඇතැයිද වාර්තාවේ නමුත් මොස්කව් ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්ව සඳහා පරිසාදන මට්ටම මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශ වී නොමැති බැවින් ගීතානි ඔලිම්පික් සුදුසුකම් ලැබීම ගැන මෙතෙක් අවසන් නිගමනයකට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගම් ආරංචිමාර්ග සඳහන් කරයි. 

නිල වශයෙන් එය ලබන අපේ‍්‍රල් මාසයේදී එළි දැක්වෙනු ඇතැයිද වාර්තා වේ. මේ අතර මෙවර ආසියානු මැරතන් (පිරිමි) තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක තිස්ස ගුණසේකර පැය 2 විනාඩි 28 තත්ත්පර 30කට තරගය නිම කරමින් හයවැනි ස්ථානය ලැබීය.

ආසියානු මැරතන් තරගාවලියට සමගාමීව පැවැති ආසියානු විවෘත මැරතන් තරගාවලියට අති විශාල තරගකරුවන් හා තරගකාරිනියන් පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.

මේ අතර හොංකොං නුවර සිට ලංකාදීපයට අදහස් දැක් වූ ගීතානි රාජසේකරගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා පැවසුවේ ඇගේ ආසියානු මැරතන් (කාන්තා) තරගයේ දක්‍ෂතා අනුව ඇය විවෘත තරගයේ 13 වැනි ස්ථානයට පත්වීමේ අවස්ථාව උදාකරගෙන තිබූ බවය.

ජයලාල් මහතා තරග සංචාරයට පෙර ‘ලංකාදීප’ යට අදහස් දක්වමින් කියා සිටියේ පැය 2 විනාඩි 47 තත්ත්පර 55 කට දක්‍ෂතා දක්වමින් මෙවර ආසියානු තරගාවලියට සහභාගි වූ ගීතානිගෙන් එහිදී තවත් ඉහළ දස්කමක් අපේක්‍ෂා කළ බවය.

ආසියානු මැරතන් තරගය නිමවා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව අද (26) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

ඔලිම්පික් පරිසාදන මට්ටම කරා පැමිණෙමින් දස්කම් දැක් වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර මීටපෙර මීටර 1500 හා මීටර 5000 යන කාන්තා ඉසව්වලදී දක්‍ෂතා දැක් වූ ක‍්‍රීඩිකාවකි.

සිය පුහුණුකරුගේ උපදෙස් පරිදි පසුගිය වසරේදී මැරතන් ඉසව්වට තරග වැදීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු මාසයේ පැවති කොළඹ මැරතන් (කාන්තා) තරගයේ ජයග‍්‍රහණයෙන් පසු ඇය පැවසුවාය. ඊයේ දස්කම් හමුවේ ගීතානි ලබන අගෝස්තුවේ චීනයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියටද සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.


අදහස් (0)

ගීතානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.