Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වශයෙන් අසංක ගුරුසිංහ මහතා තවත් සති කිහිපයක් කටයුතු රඳවාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කළමණාකරුවකු සොයමින් සිටියද කොදෙව් සංචාරයට පෙර හදිසියේ නව කළමණාකරුවකු සෙයාගත නොහැකි බැවින් අසංක ගුරුසිංහ මහතා තවත් සති කිහිපයක් කළමණාකරු ධූරයේ කටයුතු කළ හැකි බව සුමතිපාල මහතා පැවසීය.
“අලුත් කළමණාකරුවකු පත්කරගත්තා වගේ නෙමේ, ඒක පවතින පත්කිරීමක් වෙන්න ඕනෑ. මේක හදිසියේ කරන්න පුළුවන් එකක් නෙමේ”
“අනෙක අපිට 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් යන කණ්ඩායමක් හදන්න වෙනවා. ඒ නිසා අපේ අදහස වෙන්නේ කොදෙව් සංචාරයෙන් පස්සේ වසරක් වැනි කාලයකට හොඳ කළමණාකරුවකු පත්කරගන්නයි” යයිද සුමතිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී ගත් තීන්දුවක් අනුව අසංක ගුරුසිංහ මහතා කළමණාකරු ධූරයෙන් ඉවත් කර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දත්ත මධ්‍යස්ථානය බාරදීමට සූදානමක් පැවතිණ. උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන සයිමන් විල්ස් මහතාද සිය කොන්ත්‍රාත්තුව අවසන් වී ආපසු යන බැවින් උසස් දස්කම් මධ්‍යස්ථානයත් අසංක ගුරුසිංහ මහතාගේ අධීක්‍ෂණයට යටත් කිරීමට තීරණය කෙරිණ.
කෙසේ වෙතත් සයිමන් විල්ස් මහතාගේ කොන්ත්‍රාත් කාලය ජූනි මාසය දක්වා දිවෙන හෙයින්ද එතැන් සිට සති දෙකක පමණ කාලයකින් ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය අවසන් වන හෙයින්ද ගුරුසිංහ මහතා තවදුරටත් කළමණාකරු ධූරයේ රඳවාගැනීම අපහසුවක් නොවන බවද සුමතිපාල මහතා පැවසීය.
“කොදෙව් සංචාරයේදී ගුරුසිංහ ඉන්නවා නම් හොඳයි කියලා මට හතුරුසිංහත් කිව්වා” යයිද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.
බටහිර ඉන්දීය සංචාරය සඳහා අසංක ගුරුසිංහ මහතාට මේ වන විටත් වීසා ලබාගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.