Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඬේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගාවලිය පළමු දිනය අවසානයේ තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු දිනය වූ අද (7 වැනිදා) කේවල තරග 2 ක් පැවැත්විණ. පළමු කේවල තරගයේදී වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කළ ක්‍රිස්ටෝපර් රංග්කට්, තරග 1-0 ක් ලෙස ඉන්දුනීසියාව පෙරමුණට ගෙන ඒමට සමත් විය.
කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග්ට එරෙහිව පහසු ජයක් ලැබූ හර්ෂණ ගොඩමාන්න, තරග 1-1 ත් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත් කළේය. තරගාවලියේ අවසන් දිනය වන හෙට (8 වැනිදා) යුගල තරගයක් සහ තවත් කේවල තරග 2 ක් පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායමට තවදුරටත් II කාණ්ඩයේ රැදී සිටීමට අවස්ථාව උදා වන අතර පරාජයට පත්වන කණ්ඩායමට III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවේ. අනුව කණ්ඩායම් දෙකටම මෙය ඉතා තීර්ණාත්මක තරගාවලියක් වනු ඇත.
පළමු දිනයේ තරග ප්‍රතිඵල
■ ක්‍රිස්ටෝපර් රංග්කට් (ඉන්දුනීසියාව) විසින් වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
■ හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග් (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.