Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගකරුවන් 17 දෙනෙක් පසුපසට ඇද දමමින් ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ ප්‍රධානම මෝටර් රථ ඉසව්ව වූ ගෝන් ප්‍රී මෝටර් රථ තරගය ජයගැනීමට සජාඞ් සුහේර් සමත් විය. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණ.
තරගාවලියේ ප්‍රධානම මෝටර් රථ ඉසව්ව වූ ගෝන් ප්‍රී මෝටර් රථ තරගයද වට 22 කින් සමන්විත වූ අතර මිට්සුබිශී එවොලූෂන්, මිට්සුබිශී ලාන්සර් සහ සුබරු ඉම්ප්‍රෙසා වැනි වර්ගවල අධිබලැති මෝටර් රථ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) භාවිතා කරමින් මෝටර් රථ රියැදුරෝ 17 ක් එම ඉසව්වට සහභාගි වූහ.
එම ඉසව්ව ආරම්භවනවාත් සමගම පෙරමුණ ගැනීමට අශාන් සිල්වා, ඉෂ්රාක් වහබ් සහ අරවින්ද ප්‍රේමදාස යන ක්‍රීඩකයන් අතර තියුණු තරගයක් දැකගත හැකි වුවද, පළමු වටය නිමා වන විට අශාන් සිල්වා පහසුවෙන්ම තරගයේ ඉදිරිය හිමිකරගෙන සිටියේය. එහෙත් අශාන්ට එය තමන් සතුව රඳවා ගතහැකි වූයේ වට 5 ක් පමණ නිමාවන තුරු පමණි.
සිය මෝටර් රථයේ හටගත් කාර්මික දෝශයක් නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔහුට තරමක පසුබෑමකට ලක්ව තාවකාලිකව තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
එතෙක් දෙවැනියා ලෙස අශාන් පසුපස හඹා ගිය සජාඞ් සුහේර්ට අශාන්ගේ පසුබෑමත් සමග නිරායාසයෙන්ම තරගයේ පෙරමුණ හිමි විය. 6 වැනි වටයේදී පෙරමුණට පැමිණි සජාඞ්, ඉතිරි වට 16 පුරා ධාවන පථයේ සිය ආධිපත්‍ය පතුරවමින් ධාවනයේ යෙදුන අතර තරග නිමාවන තෙක් කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට අවස්ථාවක් නොදීමට තරම් ඔහු ආක්‍රමණශීලි විය.
තරගයේ අවසන් වට 16 පුරා සජාඞ්ට කරට කර තරගයක් දෙමින් ඔහු පසුපස හඹාගිය උෂාන් පෙරේරා කිහිපවරක්ම ඔහු පසුකර යෑමට උත්සාහ ගත්තද, සජාඞ්ගේ උපක්‍රමශීලි ක්‍රීඩා විලාසය හමුවේ උෂාන්ගේ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ විය.
ප්‍රෙක්ෂකයන්ගේ නලලත රැළි නංවන සුළු තරගයක නිතර වීමෙන් අනතුරුව උෂාන්ට එහි දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එම ඉසව්වේ තෙවැනි ස්ථානය සඳහා ජනක ඩයස්, ටිරෝන් හෙන්ඳාවිතාරණ සහ දිනේෂ් ජයවර්ධන අතර ඉතා තියුණ තරගයක් පැවැති අතර විටින් විට එකිනෙකා පසුකර යමින් තරග වැදුණ ඔවුන් තිදෙනා අතරින් තෙවැනි ස්ථානයට හිමිකම් කීමට ජනක ඩයස් සමත් විය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ ඉසව්ව ජයගත් කුෂාන් පීරිස්, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගවේ තෙවැනි ස්ථානයට පත් වූ ෂෙනාල් ගුණවර්ධන එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ ඉසව්ව ජයගැනීමට සමත් විය.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර ගෝන් ප්‍රී මෝටර් රථ තරගයේ අනුග්‍රාහකයා ලෙස එඞ්වඞ් සහ ක්‍රිස්ටි සමාගමද, මෝටර් ජී.පී. යතුරුපැදි තරගයේ අනුග්‍රාහකයා ලෙස ඩිමාර්ක් සමාගමද කටයුතු කළේය.
තරග ප්‍රථිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (නිසාන් මාර්ච් 1000)
2 මංජුල විජේසිංහ (නිසාන් මාර්ච් 1000)
3 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
2 සුරේෂ් කුමා (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
2 දුමින්ද අමරසිරි (ඔස්ටින් මිනි කොස්මික් 1050)
3 අජිත් කීරිති (ෆෝර්ඞ් ලේසර් 1050)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මෝටර් රථ තරගය
1 චානක රත්නායක (ඔස්ටින් මිනි 1275)
2 තිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
3 නිෂාත් ද අල්විස් (ඔස්ටින් මිනි 1275)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රජිත් උළුවිට (ෆොර්ඞ් ලේසර් 1300)
3 ෂෙනාල් ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
ෆෝමියුලා මැක්ලරන්ස් (සි. ධා. 1330 දක්වා) මෝටර් රථ තරගය
1 බ්‍රයන් පෙරේරා (ෆෝමියුලා මැක්ලරන්ස් 1330)
2 කෙවින් පෙරේරා (ෆෝමියුලා මැක්ලරන්ස් 1330)
3 චන්දිම ගුණරත්න (ෆෝමියුලා මැක්ලරන්ස් 1330)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
3 ෆාහම් නවුමාන් (හොණ්ඩා සිවික් 1500)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ෂෙනාල් ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1500)
2 රජිත් උළුවිට (මැස්ඩා ෆැමීලියා 1500)
3 ඉඳුවර සේනාදීර (මැස්ඩා 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම් (හොණ්ඩා සිවික් 1600)
2 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලින්ද ගුණසේකර (සුබාරු ලෙගාසි 2000)
2 හෂාන් පීරිස් (සුබාරු ලෙගාසි 2000)
3 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) ගෝන් ප්‍රී මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිශී එවොලූෂන් 2000)
උෂාන් පෙරේරා |
කුෂාන් පීරිස් |
ෂෙනාල් ගුණවර්ධන |
චානක රත්නායක |
බ්‍රයන් පෙරේරා |
රොදර්හැම් ගෝන් ප්‍රී මෝටර්රථ තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.