Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝලීය ලීගයට මාලිංගත් එක්වෙයි

ගෝලීය ලීගයට මාලිංගත් එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි 20 තරග රටාවට නව පරිච්ජේදයක් එක් කරමින් ආරම්භ විමට නියමිත කැනඩාවේ ‘ගෝලීය විස්සයි 20 තරගාවලිය’ සඳහා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නම දිනූ ක්‍රීඩකයෝ රැසක් සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සි. ඒ අතර ක්‍රිස් ගේල්, ඔන්ඩි්‍ර රසල්, ඩැරන් සැමී, සුනිල් නරේන්, ඞ්වේන් බ්‍රාවෝ, ස්ටිව් ස්මිත්, ලසිත් මාලිංග, සහීඞ් අෆ්රිඩි, ක්‍රිස් ලයන් සහ ඬේවිඞ් මිලර් ඇතුළත්ව සිටිති.  

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙම තරගාවලියට සහභාගි වන්නේ සංඛේත ක්‍රීඩකයකු වශයෙනි.

ලබන මස 28 වැනිදායින් ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කැනඩාවේ ප්‍රධාන නගර 5 ක් මූලික කරගනිමින් කණ්ඩායම් 6 ක් සහභාගි වීමට නියමිතය.

එඞ්මන්ටන් රෝයල්ස්, මෝන්ට්‍රිෙයල් ටයිගර්ස්, ටොරොන්ටෝ නැෂනල්ස්, වැන්කුවර් නයිට්ස් සහ විනිපෙග් හෝක්ස් එම කණ්ඩායම් වේ. හයවැනි කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් නියෝජනය කරමින් කණ්ඩායමක් මෙම තරගාවලියට ඉදිරිපත් වේ.

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්, ප්‍රථමයෙන් මෙම තරගාවලිය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. මේ වගේ තරගාවලිවල සාර්ථකත්වය මතයි අපේ කලාපයේ ක්‍රීඩාව රඳා පවතින්නේ”
“අපි කැනඩාවේ ක්‍රිකට් සඳහා සහයෝගය පළ කරනවා වගේම ඔවුන් සමග සමීපව කටයුතු කරන්න අදහස් කරනවා” යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඬේවිඞ් කැමරන් මහතා පවසා සිටියේය.

තවමත් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් ඇතුළත් කර නොමැති අතර ඒ සියලු විස්තර මේ මස 30 වැනි දිනට නිකුත් කිරීමට නියමිතය.

මෙම තරගාවලිය  සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ කැනඩාව තුළ පවතින ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ ඒ ඔස්සේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාම බව තරග සංවිධායකවරු පවසති. ආසියාතිකයන් විශාල පිරිසක්ද කැනඩාවේ ස්ථිර පදිංචිකරුවන් වී වාසය කරන අතර අවස්ථා කිහිපයකදීම ආසියාවේ රටවල උපන් ක්‍රීඩකයෝත් කැනේඩියානු කණ්ඩායම නියෝජනය කළහ.

සමස්ත තරගාවලිය සඳහා තරග 22 ක් ඇතුළත් වී ඇති අතර අවසන් මහා තරගය ජූලි 16 වැනිදා පැවැත්වීමට නියමිතය. එක් කණ්ඩායමකට අවම වශයෙන් කැනඩාවේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුවත් ඇතුළත් විය යුතු බව සංවිධායකවරුන් පවසති.

පවත්වනු ලබන සියලු තරග ක්‍රිඩාංගණ තුනකදී පමණක් පැවැත්වෙන අතර ටොරොන්ටෝහී උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති එක් ක්‍රිඩාංගණයක ප්‍රේක්ෂකයන් 7000 පමන අසුන් ගැනීමට හැකියාව පවති.

“කැනඩාවේ ආරම්භ කරනු ලබන ප්‍රථම ලීග් තරගාවලිය තමයි ගෝලිය ක්‍රිකට් විස්සයි 20 තරගාවලිය.

කැනඩාවේ ක්‍රිකට් රසිකයන්ට මේ ලැබිලා තියෙන්නේ හොඳ අවස්ථාවක්. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නම දිනූ ක්‍රීඩකයන් රැසක්ම දැක බලා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා”

“මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, සහයෝගය පලකරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට සහ කැනඩාවේ ක්‍රිකට් වර්ධනය කිරීමට දායක වූ සැමටම ස්තූතියි” යයි කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රංජිට් සයිනි මහතා ප්‍රකාශ කර සිටියේය.

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින ලසිත් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදිද ක්‍රිඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. එසේම තරග තහනමට ලක්ව සිටින ඕස්ටේ්‍රලියානු හිටපු නායක ස්ටිව් ස්මිත්ටද ගෝලීය විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවසර ලබා දී ඇත.

 

- 024


අදහස් (0)

ගෝලීය ලීගයට මාලිංගත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.