Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉකුත් වසරරේ පැවැති ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනාගත් ඕසටේ‍්‍රලියානු කේ. ටී. එම්. යතුරුපැදි ධාවක ටොබි ප‍්‍රයිස්, කිලෝ මීටර 8800 කින් සමන්විත ඩකාර් රැළිය ආරම්භ කරමින් ඊයේ (2 වැනිදා) පළමු වැනියා ලෙස තරගයට අවතීර්ණ විය.
සති දෙකක් පුරා පැවැත්වෙන මෙවර රැළියේ පළමු අදියරේදී තරගකරුවන්ට බොලීවියාවේ විසම කදුකර භූමි ප‍්‍රදේශ පසුකරමින් කිලෝ මීටර් 454 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර ඊට කිලෝ මීටර් 38.5 ක දුරකින් සමන්විත වූ විශේෂිත අදියරක්ද ඇතුළත්ය.
ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ උපත ලද ටොබි ප‍්‍රයිස් ඩකාර් රැළියක් ජයගත් පළමු ඕස්ටේ‍්‍රලියානුවා මෙන්ම යුරෝපීය සම්භවයක් නොමැති පළමු කී‍්‍රඩකයාද වේ. ඉකුත් වසරේ මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගත් ප‍්‍රංශ ජාතික ස්ටෙපාන් පීටර්හැන්සල්ටද පෙර ඊයේ පෙරවරු 11.04 ට ටොබි ප‍්‍රයිස්, ඩකාර් රැළිය ආරම්භ කරමින් තරග බිමට පිවිසියේය.
පර්ජෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් තරගයට එක්ව සිටින පීටර්හැන්සල් මේ වන විට 12 වරක් ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව දිනා සිටින අතර මේ වසරේදී සිය 13 වැනි ශූරතාව දිනාගැනීමේ අරමුණින් ඔහු තරගයට එක්ව සිටියි. නම වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ්, පීටර්හැන්සල්ගේ පර්ජෝ කණ්ඩායම් සගයා ලෙස කටයුතු කරයි.
මෙවර ඩකාර් රැළියේ සමාරම්භක අදියරට තරගකරුවන් 318 ක් සහභාගි වූ බව වාර්තා වන අතර ඊට යතුරුපැදි 144 ක්ද, මෝටර් රථ 87 ක්ද, රෝද හතරේ යතුරුපැදි 37 ක්ද, ට‍්‍රක් රථ 50 ක්ද අන්තර්ගත වී තිබේ.
ජනවාරි මස 14 වැනිදා තරගය නිමා කිරීමට පෙර සියලූම යතුරුපැදිකරුවන්ට මෙන්ම සියලූම මෝටර් රථ සහ ට‍්‍රක් රථ රියැදුරන්ට කිලෝ මීටර 4000 ක පමණ දුරකින් සමන්විත විශේෂිත අදියර රැසක් ආවරණය කිරීමට සිදුවන බව තරග ආරම්භයේදී සංවිධායකයෝ පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.