Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චතුර - ශාලිකා ජාතික පාපැදි ශූරතා දිනති
ජාතික පාපැදි ශූරතා

චතුර - ශාලිකා ජාතික පාපැදි ශූරතා දිනති

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වසර දෙකකට පසුව පැවති ජාතික පාපැදි ශූරතා තරග මාලාවේ (2021) සුපිරි කාණ්ඩයේ පිරිමි ශූරතාව චතුර මධුෂාන් ද සිල්වා විසින්ද එහි කාන්තා ශූරතාව ෂාලිකා ඩිල්ශානි විසින්ද දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කළ මෙම පාපැදි තරග මාලාව කිරිඳිවැල අමිතිරිගල මාර්ගයේදී පැවැත්වුණි. කාලය මැනීමේ හා මාර්ග ධාවන පරිදි කාන්ඩ දෙකකින් කාන්තා හා පිරිමි ඉසව් 12ක් එහිදී පැවැත්වුණි.

එහි කාන්තා හා පිරිමි ප්‍රධාන ඉසව් දෙක වන සුපිරි මාර්ග පාපැදි තරගාවලියේ ශූරයා වූ චතුර කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ක්‍රීඩකයෙකි. ශූරිය ෂාලිකා ඩිල්ශානි යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන, ජාතික ශූරතා තරගාවලියේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුනු ක්‍රීඩිකාවකි.

තරග මාලාවේ සමස්ත ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි විය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකු වන සුජිත් සමරතුංග මහතා පැවසුවේ වසර දෙකකට පසුව පැවති ජාතික පාපැදි ශූරතා තරගාවලිය සම්බන්ධයෙන් පාපැදි සම්මේලනය නිසි දැනුවත් කිරීමක් නොකිරීමෙන් එය පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් පමණක් නොව මාධ්‍ය පවා ඒ පිළිබඳව දැන නොසිටි බවය.
තරග සංවිධායකයන්ගේ වගකීමෙන් තොර හැසිරීම ගැන කනගාටුවන බව ද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති ඩබ්.එල්. ක්‍රිෂාන්ත මහතා පැවසුවේ කලින් යොදාගත් දින වෙනුවට එය වේලාසනින් පවත්වා අවසන් කිරීමට සිදුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවූ බවයි.

දිස්ත්‍රික් පාපැදි සංගමයක ප්‍රධානියෙකු පැවසුවේ තරගාවලිය පිළිබඳව මෙරට දැනට ක්‍රියාත්මක දිස්ත්‍රික් පාපැදි සංගම් නවය පූර්ව වශයෙන් දැනුවත් කිරීමට පාපැදි සම්මේලනය කටයුතු නොකළ බවයි. ඒ හේතුවෙන් සිය සංගමයට සමස්ත ශූරතා ඉසව්ව සඳහා දිස්ත්‍රික් කණ්ඩායම් සූදානම් කර තරගාවලියට යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවුණත් ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය මනාපය පරිදි තරගාවලියේ ඉසව් සඳහා සහභාගීවීමට අවස්ථාව සලසා දුන් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

තරග මාලාව පුරා ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් කැපී පෙණුනු අතර 2021 ජාතික පාපැදි ශූරතා තරග මාලාවේ සමස්ත කණ්ඩායම් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි විය.

ප්‍රවීනයන්ගේ ඉසව් කීපයක්ද තරග මාලාවට ඇතුළත් විය.

ජාතික පාපැදි ශූරතා තරග මාලාවේ ඉසව් ප්‍රතිඵල

● සුපිරි - පිරිමි  තරගය ( කිලෝ මීටර් 128.8)
1 චතුර මධුෂාන් ද සිල්වා (කළුතර – පැය 3 විනාඩි 10 තත්පර 35)
2 චාමික සඳුන් කුමාර (ගම්පහ – 3.10.36)
3 ටිරාන් රමේෂ් (පුත්තලම – 3.10.36)


● සුපිරි - කාන්තා (කිලෝමීටර 64.8)
1ෂාලිකා ඩිල්ශානි (ගම්පහ – පැය 2 විනාඩි 3 තත්පර 25)
2 ආක්ෂා සඳමාණි විජේසූරිය (ගම්පහ – 2.03.25)
3 සුදාරිකා ප්‍රියදර්ශනි (කුරුණැගල – 2.03.25)


● සුපිරි - කාන්තා කාලය මැනීමේ තරගය (කිලෝමීටර් 25 යි)
1 ෂාලිකා ඩිල්ශානි (ගම්පහ – විනාඩි 44 තත්පර 17)
2 ආක්ෂා සඳමිණි (ගම්පහ විනාඩි 45.17)
3 යූ.එන්. කුමාරසිංහ (අනුධපුරය – 45.24)


● කනිෂ්ඨ (පිරිමි)
1 ටී.එම්. උදිත රමේෂ් (ගම්පහ – පැය 1 විනාඩි 40 තප්පර 24)
2 දේෂාන් කවින්ද (ගම්පහ – 1.40.24)
3 කල්ප රසාංජන (ගම්පහ 1.40.24)


● කනිෂ්ඨ – පිරිමි (කිලෝමීටර 64.8)
1 උදිත රුමේෂ් (ගම්පහ – පැය 1 විනාඩි 40 තත්පර 24)
2 දේශාන් චමින්ද (ගම්පහ – 1.40.24)
3 කල්ප රසාංජන (ගම්පහ – 1.40.24)


● කනිෂ්ඨ – පිරිමි - (කිලෝමීටර 25 – කාලය මැනීම)
1 උදිත රමේෂ් (ගම්පහ – විනාඩි 38 තත්පර 44)
2 රුවන්ත ශ්‍රී බන්ඩාර (අනුරාධපුරය – 39.02)
3 ඩබ්.ඒ. මීවනගේ පෙරේරා (කොළඹ – 41.10)


● කනිෂ්ඨ – කාන්තා (කිලෝමීටර 32.2)
1 චතුරිකා සබීතා (ගම්පහ – පැය 1 විනාඩි 06 තත්පර 36)
2 ලක්ෂිකා දුලාංජලි (කොළඹ – 1.09.27)


● කනිෂ්ඨ – කාන්තා (කිලෝමීටර 10 – කාලය මැනීම)
1 චතුරිකා සබීතා (ගම්පහ – විනාඩි 22.46)
2 ලක්ෂිකා දුලාංජලී (කොළඹ – 22.57)
3 සෞම්‍යා අමාලි (26.39)


● වයස 23න් පහළ (පිරිමි/ කිලෝමීටර 105)
1 ෂෙනාල් චමෝද් ද සිල්වා (ගම්පහ – පැය 2 විනාඩි 23 තත්පර 17)
2 සහාන් සිතාරා (ගම්පහ – 2.24.17)
3 සුරේෂ් තරංග (කොළඹ – 2.27.50)


● වයස 23න් පහළ – කාලය මැනීමේ පිරිමි තරගය (කිලෝමීටර 32.2)
1 ෂෙනාල් චමෝද් ද සිල්වා (ගම්පහ – පැය 1 විනාඩි 01 තත්පර 24)
2 ජගත් සිතාර (ගම්පහ – 1.02.18)
3 ඉසුරු මධුසංඛ (මහනුවර – 1.02.30)


● වයස 23න් පහළ – පිරිමි (කිලෝමීටර 105)
1 ෂෙනාල් චමෝද් ද සිල්වා (ගම්පහ – පැය 2 විනාඩි 23.17)
2 සහන් සිතාර (ගම්පහ – 2.24.17)
3 සුරේජ් තරංග (ගම්පහ – 2.27.50)


● කණ්ඩායම් සමස්ත දිස්ත්‍රික් ශූරතා ඉසව්ව
1 ගම්පහ (ලකුණු 63)
2 කළුතර (ලකුණු 11)
3 කොළඹ හා අනුරාධපුරය (8 බැගින්)

 

සුපිරි මාර්ග ධාවන පිරිමි තරගයේ රන් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත් චතුර මධුෂාන් (මැද – රන් පදක්කම) චාමික සඳුන් (වමේ - රිදී පදක්කම) හා චිරාන් රමේෂ් (දකුණේ - ලෝකඩ)


අදහස් (0)

චතුර - ශාලිකා ජාතික පාපැදි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.