Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් ධර්මාශෝකයට දුන් ක්‍රිකට් පුහුණු තීරුව විවෘත කරයි

චන්දිමාල් ධර්මාශෝකයට දුන් ක්‍රිකට් පුහුණු තීරුව විවෘත කරයි

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමේ භාග්‍ය ලැබූ දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිතාගයෙන්, සිය විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම සඳහා, ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු තීරුව අද (1) පෙරවරුවේදී විවෘත කරන ලදි.

පාසල් දිවිය අවසන් වීමෙන් පසු තමාගේ ක්‍රිකට් දිවිය තව තවත් ශක්තිමත් කිරීම සඳහා  සිය ආයතනයේ නාමිකව රැකියාවක් ලබාදී, සේවයක් කළත් නොකළත් වැටුපට අමතරව ක්‍රීඩාවට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා පියෙකු  මෙන් සොයා බැලූ ඩිමෝ ආයතනයේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතාට කෘත ගුණ දක්වීම සදහා මෙම ගෘහස්ත ක්‍රිකට් පුහුණු තීරුව ඒ මහතාගේ නමින් නම් කර ඔහු ලවාම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණ.

තමන්ට ඉහළ නැඟීමට උපකාර කළ ඉනිමගට පයින් ගසන ක්‍රීඩකයින් සිටින ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් විසින් දෙන ලද ආදර්ශය අති විශිෂ්ටය. මෙම ක්‍රිකට් පුහුණු තීරුව ඉදිකිරීමට චන්දිමාල් විසින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 200 කි.

ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ අදහසක් අනුව මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව ඉදිකිරීමට දිනේෂ් චන්දිමාල් කටයුතු කළේය. මෙම පුහුණු තීරුව ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වය ලබාදී තිබූ අතර එහි වැඩ නිමාවන තෙක්ම සිය කාලය ශ්‍රමය වැය කරමින් දිනපතාම පාහේ එහි කටයුතු සොයාබලන ලද්දේ දිනේෂ් චන්දිමාල්ගේ මුල් කාලීන පුහුණුකරුවකු වන ජී. අශෝක කුමාර මහතා විසිනි.

(ඡායාරූප - කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)


අදහස් (0)

චන්දිමාල් ධර්මාශෝකයට දුන් ක්‍රිකට් පුහුණු තීරුව විවෘත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.