Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට එයි

චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට එයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෛරස් උණ රෝගයකට ගොදුරුව සිටීම නිසා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. චන්දිමාල් පසුගිය දින තුනේදීම පුහුණුවීම් වලට සහභාගි වී ඇති අතර අපහසුතාවකින් තොරව පුහුණුවීම් කළ බවද දැනගන්නට තිබේ. 

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට ළහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් කැඳවා ඇතැයිද වාර්තා වේ. අසේල ගුණරත්න තුවාල ලබීම හේතුවෙන් ළහිරු තිරිමාන්න කැඳවා ඇති අතර සුරංග ලක්මාල්ගේ පිටකොන්දේ ආබාධයක් නිසා ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට එක්වන බව කියැවේ. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 3 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වීමට නියමිතය. තරගවලියේ පළමු තරගය ජයගත් ඉන්දියාව මේ වන විට 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 

 


අදහස් (0)

චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.