Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

editorial - 2024 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මවුන්ට් මවුන්ගනුයිහිදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී වෙලිංටන් කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි අතපත්තු සමත් වූවාය. 

එහිදී ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත් චමරි, උඩ පන්දු 2 ක්ද රැකගත් අතර පිළිතුරු ඉනිමේදී පන්දු 16 කින් හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කිරීමටද ඇය සමත් වූවාය. ඇයගේ දස්කම් හමුවේ එම තරගයෙන් වෙලිංටන් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායමට හැකි විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වෙලිංටන් කණ්ඩායමට චමරි ප්‍රමුඛ නොදර්න් දිස්ත්‍රික් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. එහිදී ජෙස් කේර් පන්දු 15 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. ආරම්ක පිතිකාරිණී කේට්ලින් ගැරී පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක්ද, සෑම් කර්ටිස් පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළහ. 

වෙලිංටන් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 110
(රෙබේකා බර්න්ස් 16, ලීග් කැස්පර්ක් 16, ජෙස් කේර් 23, චමරි අතපත්තු 19/4, මාරමා ඩෝව්න්ස් 19/2) 

නොදර්න් දිස්ත්‍රික් පිල - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 111
(කේට්ලින් ගැරී 33, චමරි අතපත්තු 19, සෑම් කර්ටිස් 24, ඇමීලියා කේර් 21/2, නිකෝල් බේඩ් 25/2)
 
-036  


අදහස් (0)

චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.