Last Update  :  2025-01-17 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරි තමන්ගේ සැලසුම් වලම
ආසියානු කුසලාන

චමරි තමන්ගේ සැලසුම් වලම

editorial - 2022 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අපේක්‍ෂාව තමන්ගේ තරග සැලසුම් කෙරේ අවධානය යොමු කිරීමයි. ඉන්දීය කණ්ඩායමේ කීර්තිය හෝ පසුගිය තරග සම්බන්ධයෙන් අවධානය යොමු නොකර, තමන්ගේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා කාන්තාවන්ගේ අපේක්‍ෂාවයි.

බංග්ලාදේශයේ ෂිලාත් නගරයේදී හෙට පස්වරු 1.30 ට ආරම්භ වන ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තාවෝ සහ ශ්‍රී ලාංකික කාන්තාවෝ හමුවෙති.

“අපි ආසියානු කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගෙන ඉන්නේ අවුරුදු 14 කට පස්සේ. ඒ නිසා මේ තරගය අපිට හරිම වැදගත්. අපි අපේ සැලසුම් වල එල්ලිලා ඉන්නවා” යයි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ සවස පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසුවාය.

“ඉන්දියාව කියන්නේ මේ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරේ හැම දෙනාගේම බලාපොරොත්තුවයි. පසුගිය සති තුන හතරක කාලයේදී ඒ ගොල්ලන් ඉතාමත් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා. අපිත් එක්ක විතරක් නෙමේ එංගලන්තයත් එක්කත් ඒ ගොල්ලන් හොඳින් සෙල්ලම් කළා”

“ඒත් ඒවායින් අපට වැඩක් නෑ. කලින් පැවැති තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වූණත් හෙට අලුත් දවසක්. අලුත් තරගයක්. අපි අපේ සැලසුම් වල එල්ලිලා ඉඳගෙන තරග කරනවා” යයි චමරි අතපත්තු වැඩිදුරටත් පැවසුවාය.

අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දීය කාන්තාවෝ ලෝකයේ කාන්තා කණ්ඩායම් අතර 4 වැනි ස්ථානයේ සිටිති. ඉන්දීය කාන්තාවන් සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7935 කි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4139 කි.
 
ආසියානු කුසලාන මූලික වටයේදී ඉන්දියාව පරාජය වූයේ එකම තරගයකින් පමණි. ඒ පාකිස්තානයට එරෙහිවය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේදී, විශේෂයෙන්ම විස්සයි-20 ක්‍රීඩාවේදී ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

“පසුගිය අවුරුදු තුන හතරක කාලයේදීම, ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතියක් වශයෙන් අපි ටිකක් අසීරුවෙන් තමා හිටියේ. අපේ කණ්ඩායම විතරක් නෙමේ, පිරිමි කණ්ඩායමත් අමාරුවේ වැටුණු අවස්ථා තිබුණා. ඒත් පිරිමි කණ්ඩායම ආසියානු කුසලාන දිනාගත්තාට පස්සේ ඒක අපට විශාල ධෛර්යයක් වුණා” යයි ශ්‍රී ලංකා නායිකාව කියයි.


අදහස් (0)

චමරි තමන්ගේ සැලසුම් වලම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.