Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් තරගාවලියේ ඉදිරි වසර තුනක කාලය සඳහා සිඞ්නි තන්ඩර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ගිවිසුම් අත්සන් කර තිබේ. පසුගිය වසරේදී පැවැති බිග් බෑෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද චමරි අතපත්තු සම්මාන ලැබුවාය.
“මේ විශිෂ්ට කණ්ඩායමට නැවත වරක් එක්වීම හිතාගන්නටත් බැරි තරම් සතුටක්” යයි චමරි සිය ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබා තිබිණ.
පසුගිය බිග් බෑෂ් තරගාවලියේදී සිඞ්නි තන්ඩර්ස් පිල වෙනුවෙන් තරග 14 කට ක්‍රීඩා කළ චමරි අතපත්තු එහිදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 552 ක් ලබාගත්තාය. ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව 80 ක් වූ අතර ඉනිමක සාමාන්‍යය ලකුණු 42.46 ක් ලෙසින් ඉතාමත් සාර්ථක මට්ටමක පැවතිණ.
2023 කාන්තා බිග් බෑෂ් තරගාවලියේදී චමරි අතපත්තුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) ලකුණු 127.18 ක් වැනි ඉහළ අගයක තිබිණ. පන්දු යැවීමෙන් ඇය සිඞ්නි තන්ඩර්ස් පිල වෙනුවෙන් කඩුලු 9 ක් දවාගත් අතර තරග 4 කදීම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද තේරී පත්වූවාය.
එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්රඞ්’ තරගාවලියේදී චමරි අතපත්තු ඕවල් ඉන්වින්සිබල්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන්නීය.
පසුගිය වසරේදී ඇය සිඞ්නි තන්ඩර්ස් පිලට සම්බන්ධ වූයේ සිඩින් තන්ඩර්ස් පිල වෙනුවෙන් ගිවිසුම් ගතවූ සිව්වැනි විදෙස් ක්‍රීඩිකාව අවසන් මොහොතේදී තරගාවලියෙන් ඉවත් වූ බැවිනි. එහෙත් තරගාවලිය නිමාවේදී චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.
ගෙවී ගිය මාසයේදී විශිෂ්ටතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම්මානයට පාත්‍ර වූ චමරි අතපත්තු, සිඞ්නි නුවර බටහිරට වන්නට පිහිටි තන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ජනප්‍රිය ක්‍රීඩිකාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.