Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 105 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න සමත් වූහ. තරගාවලියේ කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරිද සතු විය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති පිරිමි යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස යසිත ද සිල්වා සහ සංඛ අතුකෝරල පරාජය කිරීමට චාතූර්ය සහ ටෙහාන් සමත් වූහ. කාන්තා යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස සවිනි සහ ජනලි හමුවේ අනීකා සහ අලානා සෙනෙවිරත්න සොහොයුරියෝ පරාජයට පත්වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/3) නිෂේන්දිරන් ශිවේන්ද්‍රන් සහ මයිකල් සියගුණ පරාජය කරමින් යසිත සහ සංඛ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. චාතූර්ය සහ ටෙහාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස (5/7, 6/2, 11/9) දිල්වන් හේරත් සහ අර්චන ලොකුගේ පරාජය කරමිනි.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස (6/3, 6/3, 10/7) නෙයාරා වීරවංශ සහ තුවිනි ද අල්විස් පරාජය කිරීමට සවිනි සහ ජනලි සමත් වෙද්දී, දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/3) ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කිරීමට අනීකා සහ අලනා සමත් වූහ.
පිරිමි යුගල අවසන් මහ තරගය
චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න විසින් තරග වට 2-1 ක් ලෙස යසිත ද සිල්වා සහ සංඛ අතුකෝරල පරාජය කරන ලදහ. (3/6, 6/3, 10/5)
කාන්තා යුගල අවසන් මහ තරගය
සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරි විසින් තරග වට 2-1 ක් ලෙස අනීකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න පරාජය කරන ලදහ. (6/3, 3/6, 10/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.