Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමික - කුසල් නිව්යෝක් පිලට ජය ගෙනෙති
අබුඩාබි දහයයි-10

චාමික - කුසල් නිව්යෝක් පිලට ජය ගෙනෙති

editorial - 2023 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චාමික කරුණාරත්නගේ සහ කුසල් පෙරේරාගේ කැපී පෙනුණ දස්කම් හමුවේ අබුඩාබි දහයයි-10 ක්‍රිකට් ලීගයේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 102 ක ඉලක්කයක් හඹාගිය නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 7.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. එහිදි වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි. එහිදී චාමික කරුණාරත්න ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත් විය. 

බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 7 කට 101
(ජෝඩාන් කොක්ස් 38, කුසල් මෙන්ඩිස් 29, චාමික කරුණාරත්න 22/3, මුහම්මද් ජයදුල්ලා 21/2) 

නිව්යෝක් ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 7.4 කදී කඩුලු 2 කට 103 
(මුහම්මද් වසීම් 41, කුසල් පෙරේරා නොදැවී 50) 

-036 


අදහස් (0)

චාමික - කුසල් නිව්යෝක් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.