Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි - බෙංගලූරු අවසන් වටයේ ස්ථානයකට සටනක
අයි.පී.එල්. - 2024

චෙන්නායි - බෙංගලූරු අවසන් වටයේ ස්ථානයකට සටනක

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම බවට පත්වීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම දෙක අතර ඉතා තියුණු සටනක් හටගෙන තිබේ. 

චෙන්නායි කණ්ඩායම මේ වන විට තරග 7 ක් ජයගෙන ලකුණු 14 කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින අතර බෙංගලූරු කණ්ඩායම තරග 6 ක් ජයගෙන ලකුණු 12 කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ රැදී සිටියි. 

මෙම කණ්ඩායම් දෙකේම ශුද්ධ ලකුණු වේගයන් ධන අගයක පවතින බැවින් දෙපිල අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත. මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර මින් පෙර පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි ක්‍රීඩකයෝ සමත් වූහ. 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 7 ක් ජයගනිමින් ලකුණු 14 ක්ද, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 6 ක් ජයගනිමින් ලකුණු 12 ක්ද ලබා සිටින නමුත් ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගයන් ඍණ අගයක් ගන්නා බැවින් ඔවුන්ට අවසන් වටයට පිවිසීම සඳහා ඇති ඉඩකඩ ඉතා අල්පය. මේ වන විට දිල්ලි කණ්ඩායමේ සියලු තරග අවසන් වී ඇති අතර ලක්නව් කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව තිබේ.  

මූලික වටයේ තරග 66 ක් අවසන් වන විට කොල්කටා, රාජස්ථාන් සහ හයිද්‍රාබාද් යන කණ්ඩායම් 3 අවසන් වටයට සුදුසුකම් ලබා සිටින අතර ගුජරාට්, පන්ජාබ් සහ මුම්බායි යන කණ්ඩායම් 3 මූලික වටයෙන්ම ඉවතට විසිවී ඇත. ඒ අනුව නිල වශයෙන් අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා තවමත් අවස්ථාව ඇත්තේ චෙන්නායි, බෙංගලූරු සහ ලක්නව් යන කණ්ඩායම් 3 ට පමණි. 

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 19 ක් ලබා සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව සිටින අතර මෙතෙක් සහභාගි වූ තරග 13 න් 9 ක් ජයගෙන සිටින ඔවුන් පරාජයට පත්ව ඇත්තේ තරග 03ක් පමණි. ඔවුන් සහභාගි වූ සෙසු තරගය වැස්සට සේදී ගියේය. 

මෙතෙක් සහභාගි වූ තරග 13 න් 8 ක් ජයගෙන ලකුණු 16 හිමිකම් කියන රාජස්ථාන් කණ්ඩායම දෙවැනි ස්ථානයේද, තරග 13 කින් 7 ක් ජයගෙන ලකුණු 15 කට හිමිකම් කියන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තෙවැනි ස්ථානයේද රැදෙමින් අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ. හයිද්‍රාබාද් කණ්ඩායමටද එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

 


-036 


අදහස් (0)

චෙන්නායි - බෙංගලූරු අවසන් වටයේ ස්ථානයකට සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.