Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පූනේහිදී පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද (5 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 18 ක් දී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

මහේන්ද්‍ර සිං දෝනී සහ ඞ්වයින් බ්‍රාවෝ එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 34 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් පවත්වමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

උමේෂ් යාදව් ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් පළමු පන්දුවට පහරදීම සදහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පාර්තිව් පටෙල් පන්දු 41 කදී ලකුණු 53 ක් රැස්කළ අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවා හැර අනෙක් පිතිකරුවන් අසාර්ථක වනවිට තරමක සහනදායි ඉනිමක් ක්‍රීඩා කිරීමට ටිම් සෝතී සමත්විය. පන්දු 26 කදී නොදැවී ලකුණු 36 ක් රැස්කළ ටිම් සෝතීගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 3 කින් අලංකාර විය.

රවීන්ද්‍ර ජදේජා ලකුණු 18 කට කඩුලු 3 ක් සහ හර්බජාන් සිං ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 127
(පාර්තිව් පටෙල් 53, ටිම් සෝතී නොදැවී 36, රවීන්ද්‍ර ජදේජා 18/3, හර්බජාන් සිං 22/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 128
(අම්බති රයිදු 32, සුරේෂ් රයිනා 25, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 31, උමේෂ් යාදව් 15/2)


අදහස් (0)

චෙන්නායි පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.