Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිලට ලකුණු 27 ක ජයක්

චෙන්නායි පිලට ලකුණු 27 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 20 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර බැංගලෝර්හි චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 154 ක් පමණි.

බැංගලෝර් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක විරාට් කෝලි පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ අශීෂ් නෙහෙරා ඕවර 4 ක් යවමින් ලකුණු 10 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

මුලූ ලකුණු සංඛ්‍යාව 33 ක් වන විට බැංගලෝර් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම (මන්වින්දර් බිස්ලා සහ රිලී රූස්සොව්) ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නෙහෙරා සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ සුරේෂ් රයිනා, හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 32 කදී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.

ඞ්වේන් ස්මිත් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රයිනා, තෙවැනි කඩුල්ල වෙනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි (13) සමග එක්ව පන්දු 24 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 18 කදී නොදැවී ලකුණු 33 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා කර සිටියේය.


චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 181
(ඞ්වේන් ස්මිත් 39, සුරේෂ් රයිනා 62, මහේන්ද්‍ර සිං දෝනි 13, ෆෆ් ඩුප්ලෙසී නොදැවී 33, යස්වින්දර් චාහල් 40/3, ඉල්බාල් අබ්දුල්ලා 36/2)

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 154
(මන්වින්දර් බිස්ලා 17, රිලී රූස්සොව් 14, විරාට් කෝලි 51, ඒ. බී. ඩිවිලියස් 14, ඬේවිඞ් වයිස් 22, අශීෂ් නෙහෙරා 10/4)

 


- 036


අදහස් (0)

චෙන්නායි පිලට ලකුණු 27 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.