Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර මොහාලිහිදී අද (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල පන්දු 19 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගෙඩනැගූ ෆෆ් ඩුප්ලෙසී (55) සහ සුරේෂ් රයිනා (නොදැවී 41) චෙන්නායි පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 41 කදී වාර්තා වූ ඩුප්ලෙසීගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ රයිනාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ නායක මහේන්ද්‍ර සිං දෝනි, පන්දු 16 කදී නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 130 ක් ලබාගත අතර පන්ජාබ් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අක්ෂර් පටේල් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 7 කට 130
(රිධිමන් සාහා 15, ගුර්කීරාත් සිං 15, අක්ෂර් පටේල් 32, රිෂී ධවාන් නොදැවී 25, පවන් නේගී 25/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 16.5 කදී කඩුලූ 3 කට 134
(ෆෆ් ඩුප්ලෙසී 55, සුරේෂ් රයිනා නොදැවී 41, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 25)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.