Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ චෙස් ඉසව්වේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම මධ්‍යම පළාත සතු වූ අතර අනු ශූරතා ද්විත්වය බස්නාහිර පළාතට හිමි විය. වයඹ පළාත පිරිමි අංශයේ තෙවැනි ස්ථානයට පත් වූ අතර කාන්තා අංශයේ තෙවැනි ස්ථානයට පත් වූයේ සබරගමු පළාතයි.
කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 3 ක් පුරා පැවැති චෙස් තරගාවලිය ඉකුත් ඉරිදා (27 වැනිදා) නිමාවට පත් වූ අතර එහි ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහභාගි විය.
පිරිමි අංශය
ශූරතාව - මධ්‍යම පළාත
අනු ශූරතාව - බස්නාහිර පළාත
තෙවැනි ස්ථානය - වයඹ පළාත
කාන්තා අංශය
ශූරතාව - මධ්‍යම පළාත
අනු ශූරතාව - බස්නාහිර පළාත
තෙවැනි ස්ථානය - සබරගමුව පළාත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.