Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර හයිඩ්‍රාබාද්හිදි අද (12 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 295 ක් රැස්කිරීමට සමත්විය.
රොස්ටන් චේස් ලකුණු 98 ක් සහ දේවේන්ද්‍ර බිෂූ ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ශතකයට ලකුණු 2 ක් මෙපිටින් සිටින රොස්ටන් චේස් පන්දු 174 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ලකුණු 113 කට කඩුලු 5 ක් දැවී තිබියදී ශේන් ඩව්රිච් (30) සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රොස්ටන් චේස් හත්වැනි කඩුල්ල සඳහා ජේසන් හෝල්ඩර් සමගින් එක්ව තවත් ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු බටහිර ඉන්දිය කොදෙව් ඉනිම ගොඩනැගීමට සමත් විය.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථා තුනකදී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 100 ක සම්බන්ධතාවයක් පැවැත්වූ පළමු යුගලය බවට පත්වන්නට රොස්ටන් චේස් සහ ජේසන් හෝල්ඩර් සමත්වූහ.
පන්දු 92 කට මුහුණදුන් ජේසන් හෝල්ඩර් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට රොස්ටන් චේස්ට අනගි සහයක් ලබාදුන්නේය.
නියමිත ඕවර 90 යැවූවද දිනය නිමාවීමට තවත් මිනිත්තු 20 ක පමණ කාලයක් තිබීම හේතුවෙන් තවත් ඕවර 5 ක් යැවීමට ඉන්දීය පන්දු යවන්නන්ට සිදුවූහ.
දකුණතින් වේගපන්දු යවන උමේෂ් යාදව් සහ වමතින් දඟපන්දු යවන කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් දවාගැනිමට සමත්වූ අතර රවිචන්ද්‍රන් අශ්වින්ට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
බටහිර ඉන්දිය කොදෙව් - ඕවර 95 කදි කඩුලු 7 ක් දැවී 295
(කිරන් පවෙල් 22, ශායි හෝප් 36, රොස්ටන් චේස් නොදැවී 98, ශේන් ඩව්රිච් 30, ජේසන් හෝල්ඩර් 52 , කුල්දීප් යාදව් 74/3, උමේෂ් යාදව් 83/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.