Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනිත්ගෙන් රිදී පදක්කමක්

ජනිත්ගෙන් රිදී පදක්කමක්

editorial - 2025 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
   
සෞදි අරාබියේ දමාම් නුවරදී දැන් පැවැත්වෙන හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා තුන් පිම්ම ක්‍රීඩක ජනිත් ලක්ෂාන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.  තුන් පිම්ම (බාලක) ඉසව්වෙන් මීටර 15.10 ක ඔහුගේ මෙතෙක් ඉසව්වේ හොදම දක්ෂතාවය පළ කරමින් දෙවැනි ස්ථානයට ඔහු පත් විය.

ජනිත් ලක්ෂාන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සිසුවෙකි. 

සිය හය වැනි (අවසන්) උත්සහය සාර්ථක කර ගත් ජනිත් එහිදී චීන ක්‍රීඩක ඩොන්ග් සියූආන්ට පමණක් දෙවැනි වෙමින් මෙම දස්කම දැක්වීමේදී සියූආන් රන් පදක්කම දිනා ගත්තේ මීටර 15.53 ක ඔහුගේ මෙතෙක් ඉසව්වේ හොදම දක්ෂතාවය පළ කරමිනි. 
මෙම ඉසව්වට සහභාගිවූ ශ්‍රී ලංකාෙව් අෙනක් ක්‍රීඩකයා වන සසිදු හංසන ජයසිංහ හත් වැනි ස්ථානයට පත් වූයේ මීටර 14.55 කටය.

දමාම් නුවරදී රටවල් 31 ක සහභාගිත්වයෙන් පෙරේදා (15) ආරම්භ වූ මෙම තරගාවලිය හෙට (18) නිමාවට පත්වේ ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගිවී සිටී. 

මෙතෙක් ඉසව් මූලික වටයේ තරග සදහා සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බහූතරයක් ඉදිරි තරග වට සදහා නිර්දේශ ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

ඊයේ පැවැති මීටර 400 (බාලක) ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ශානුක නෙත්මල් කොස්තා (තත්පර 49.85) අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූවත් එහිදී  පරාජය වීමෙන් (49.70) ඔහුට අවසන් තරගයේ අවස්ථාව අහිමි විය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩක ඉරේෂ් මධුවන්ත එම ඉසව්වේ අවසන් පූර්ව වටයේදී තත්පර 49.50 ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට පිවිසීමට සමත් විය. මූලික වටයෙන් ඔහු සමත් වූයේ තත්පර 49.78 ක කාලයක් වාර්තා කරමිණි.

මීටර 100 (බාලක) ඉසව්වේ මූලික වටය සදහා ඉදිරිපත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක පසිඳු සඳරුවන් සිල්වා  (තත්පර 10.81), චතුෂ්ක ඉමේෂ් සිල්වා (10.79), එසේ ඉසව්වේ ඉදිරි තරග වට සදහා නිර්දේශ ලැබුවෝ වෙති.

මීටර 100 (කාන්තා) ඉසව්ෙව්දී ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු තත්පර 11.91 කට එහි අවසන් වටයට සුදුසුකම් සපිරුවේ දෙවැනි මූලික තරගයේ ජයග්‍රාහිකාව වෙමිණි. 

මේ අතර මීටර 1500 ( කාන්තා) ඉසව්වට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාටම නොහැකිවූ බව වාර්තාවේ. නිදුකී ප්‍රතානා හා අයේෂා සෙව්වන්දි යන මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට නියමිත වේලාවේදී ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නොහැකිවීම මෙම තත්වයට හේතුවී තිබේ. තරග සංවිධායකයන්ගෙන් ලැබුණු වැරදි උපදෙස් මේ තත්වයට හේතුවූ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය චෝදනා නගා තිබෙන බවද මෙහිදී වාර්තා වේ.

කෙසේවූවත් මෙහිදී ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කරමින් සිදුවූ අතපසුවීම සැළකිල්ලට ගනිමින් සිය ක්‍රීඩිකාවන් දෙදෙනාට වෙනත් දිගු දුර ඉසව්වකට සහභාගිවීමේ අවස්ථාව සළසා දෙන ලෙස තරග සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කළත් එය අවසන් මොහොතේ ප්‍රතික්ෂේප වුණු බවද වාර්තාවේ. චීන ක්‍රීඩිකා සෑහෑන්ග් යෙක්ෂී මෙහි රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 4 තත්පර 58.35 කටය.

මීටර 400 - කඩුළු (බාලක) ඉසව්වේ මූලික තරගය තත්පර 53.80 කට නිමා කරමින් ඉසව්වේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ෂවිදු නිමේෂ් ඩයස් සමත් විය. උස පැනීම (බාලක) ඉසව්වේ මූලික වටය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිනූක දේෂාන් හා පවන් නේත්‍ය ඊයේ තරග වැදීමට සූදානම්ව සිටියේය. 

මෙතෙක් පැවැති 18 න් පහළ අාසියානු මලල ක්‍රීඩා තරගාවලි පහකදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 11 ක් හා ලෝකඩ පදක්කම් හයක් දිනා ගැනීමට සමත්ව සිටියි.  අවසන් වරට 2023 ටෂ්කන්ට් නුවරදී පැවැති 5 වැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා ඇත.


අදහස් (0)

ජනිත්ගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.