Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපන්නු ශ්‍රී ලංකාව තලා දමති

ජපන්නු ශ්‍රී ලංකාව තලා දමති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ දී අද (23 වැනිදා) ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියරේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේදීම ජපානය හමුවේ ලකුණු 47-5 ක දරුණු පරාජයක් ලැබීය. එසේ වුවත් චීනයට එරෙහිව පැවැති දෙවැනි තරගය ලකුණු 26-26 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

දකුණු කොරියාවේ ඉන්චියොන්හී නැම්ඩොන්ග් රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේදී ජපානය හමුවේ ශ්‍රී ලංකා පිල දැඩි ලෙස හෙම්බත් වූ අතර පන්දුව අතට ලැබෙන සෑම අවස්ථාවකදීම උත්සාහක දිනුමක් තැබීමට ජපානය සමත්විය. තරගය පුරා ඔවුන් උත්සාහක දිනුම් 7 ක්ම තැබූ අතර ඉන් 6 ක්ම ගෝල බවටත් පත් කරගත්තේය.

මෙම කාලය අතරතුර ශ්‍රී ලංකා පිල රැස් කළේ එක් උත්සාහක දිනුමක් පමණි. එය වාර්තා වූයේ පළමුභාගයේ ආරම්භයේදී ධනුෂ්ක රන්ජන්ගෙනි.

තරගයේ පළමුභාගය නිමාවෙද්දී ජපානය ලකුණු 19-5 කින් පෙරමුණ ගත්තේය.

දෙවැනි තරගයේදී වඩාත් ධෛර්යවයත් ක්‍රීඩා රටාවක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් චීන කණඩායම සමග පැවැති දෙවැනි තරගය ලකුණු 26-26 ක් ලෙස සමකර ගැනීම ප්‍රශංසා කටයතුය.
 
තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 12 බැගින් දෙපිලම ලබා සිටි අතර දෙවැනි භාගයේදී කරට කර නිරතවූ සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේය.

මෙහිදී විශිෂ්ට දස්කම් පෑ ධනුෂ්ක රන්ජන් සහ ජේසන් දිසානායක උත්සාහක දිනුම් 2 බැගින් තැබීමට සමත්වූ අතර තරින්ද රත්වත්ත ඉන් 2 ක්ම ගෝල දිනුම් බවට පරිවර්තනය කළේ පන්දුව ගෝල් කණු අතරින් යවමිනි. තවත් උත්සාහක දිනුමක් කෙවින් ඩික්සන් විසින් ගෝලයක් බවට පත් කරන ලදි. මේ තරගයේදී දෙපිලම ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් බැගින් වාර්තා කළහ.

ජපානය, චීනය හා චීන තායිපේ කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව ‘ඒ ‘කාණ්ඩයෙන් තරගාවලියට එක්වී සිටින අතර සත්කාරක දකුණු කොරියාව සමග හොංකොං, පිලිපීනය හා මැලේසියාව ‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙති.

මූලික වටයේ ශ්‍රී ලංකාව තරග වදින අවසන් තරගය චීන තායිපේ පිල සමග පැවැත්වෙයි.


- 077

 


අදහස් (0)

ජපන්නු ශ්‍රී ලංකාව තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.