Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපන්නු ශී‍්‍ර ලංකාව තලා දමති

ජපන්නු ශී‍්‍ර ලංකාව තලා දමති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 21 Comment
A A A


ආසියාවේ රග්බි කී‍්‍රඩා කරන රටවල් අතර ප‍්‍රබලතම රට වශයෙන් සැලකෙන ජපානය සහ ශී‍්‍ර ලංකාව අතර අද (10 වැනිදා) නගෝයා නුවරදී පැවැති රග්බි තරගයේදී ලකුණු 132 -10 ක දැවැන්ත ජයක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තලා දැමීමට ජපන් කී‍්‍රඩකයෝ සමත් වූහ.

ජපානයේ නගෝයා නුවර නගරසභා කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.
වසර 2015 දී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදසුකම් තේරීම සඳහා ආසියාවේ ප‍්‍රබලයන් පස්දෙනා අතර පැවැත්වෙන මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අත්කරගත් තුන්වැනි පරාජය මෙයයි. පසුගිය 3 වැනිදා කොළඹදී පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හොං කොං පිල හමුවේ ලකුණු 41 - 10 ක දරුණු පරාජයක් අත්කරගත් අතර ඊට පෙර කොරියානු පිලට එරෙහිව පැවැති තරගයද ලකුණු 59-3 කින් පරාජය විය.

අන්තර්ජාතික රග්බි පිටියේදී ලබාගත් දරුණුතම පරාජය අද (10 වැනිදා) අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ඉතාමත් පහසුවෙන් තරග කළ ජපාන කී‍්‍රඩකයෝ තරගයේ විවේක කාලය වන විට 68-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.

විවේක කාලයෙන් පසුව ධනුෂ්ක රන්ජන් ශී‍්‍ර ලංකා පිලේ එකම උත්සාහක දිනුම ලබාගත් අතර පසුව එය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කරන ලදි. අනතුරුව එක්වූ දඬුවම් පහරත් සමගින් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු 10 සමන්විත විය.

තමන්ගේ ලකුණු සංඛ්‍යාව 100 පසුකරන තුරුත් ශී‍්‍ර ලංකා පිලට එකම ලකුණක් හෝ ලබාගැනීමට අවසර නොදුන් ජපන් කී‍්‍රඩකයෝ සෑම විනාඩි 4 කට වරක්ම කුමන ආකාරයකින් හෝ ලකුණු ලබාගත්හ.

මීට පෙර ජපානය සහ ශී‍්‍ර ලංකාව තරග 10 දී මුණගැසී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ජපානය ඉතාමත් පහසුවෙන් ජයගෙන තිබේ. එයින් අවස්ථා හතරකදීම ලකුණු 100 සීමාව ඉක්මවා ගිය ජපන් කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකාව හමුවේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2002 ඔක්තෝබර් මාසයේ කොළඹදී පැවැති තරගයකදී ලකුණු 129-6 කින් ශී‍්‍ර ලංකා පිල පරාජය කිරීමයි.

ශී‍්‍ර ලංකා පිලේ මීළග තරගය ලබන සෙනසුරාදා පිලිපීන කණ්ඩායමට එරෙහිව කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙයි.

මේ අතර 2015 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම ආසන්නයේ සිටින හොං කොං කණ්ඩායම අද දකුණු කොරියාවේ ඉන්චියොන් නුවරදී කොරියානු පිල 39-6 කින් පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය නිමාවේදී හොං කොං පිල 20-6 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.


අදහස් (21)

ජපන්නු ශී‍්‍ර ලංකාව තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.