Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයග්‍රහණ ත්‍රිත්වයකින් කුෂාන් අණසක පතුරයි

ජයග්‍රහණ ත්‍රිත්වයකින් කුෂාන් අණසක පතුරයි

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ද්විත්ව ජයග්‍රහණයක් වාර්තා කරමින් ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය පහසුවෙන්ම ජයගැනීමට සමත් වූ කුෂාන් පීරිස්, එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත්තේ උපුල්වන් සේරසිංහට වඩා දශම කිහිපයක ඉදිරියක් තබාගනිමිනි. එම තරගය කෙතරම් තියුණු වූවාද කිවහොත් එහි ජයග්‍රාහකයන් තීරණය කිරීමට තරග නිමාවේ සජීවී වීඩියෝ දර්ශන පවා නිරීක්ෂණය කිරීමට සිදුවිය.


එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේ ජයද කුෂාන් පීරිස්ට හිමි වූ අතර ඒ අනුව මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා බවට පත් වීමට කුෂාන්ට හැකි විය.


කුෂාන් තරග ඉසව් 3 ක් ජයගත් නමුත් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත්තේ පසිඳු පීරිස්ය.


තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර 2 ම ජයගනිමින් පසිඳු පීරිස් දක්ෂතම රියැදුරා බවට පත් විය. එහි දෙවැනි තරගය ජයගැනීමෙන් අනතුරුව ඔහු සිය මෝටර් රථය දූලි වාළාවන් නංවමින් ධාවන පථය මැද කිහිප වරක්ම එකතැන කැරකැවීම, නරඹන්නන් කුල්මත් කරවන දසුනක් විය.


තරගකරුවන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති එම ඉසව්වේ පළමු තරගයේ දෙවැනි ස්ථානය සහ දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මිස්සක නවීන් සමත් වූ අතර පළමු තරගයේ තෙවැනි ස්ථානය කපිල ජයසුන්දරට හිමිවිය.


පිට පිට තරගාවලි හතරකදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාසිටි උෂාන් පෙරේරාට කාල ගණනය පැවැති දිනයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් අවසන් ස්ථානයේ සිට තරග ආරම්භ කිරීමට සිදුවිය. කෙසේ වුවත් පළමු තරගය 5 වැනියා ලෙස අවසන් කළ උෂාන්, දෙවැනි තරගයේදී සෙසු තරගකරුවන් එකිනෙකා පසුකර යමින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමක් විය.


ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඩීසල් මෝටර් රථ තරගය ජයගැනීමට මංජුල විජේසිංහ සමත් වෙද්දී, එම කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට ඉෂ්රාක් වහබ් සමත් විය. ඔවුන් දෙදෙනාටම හොඳ තරගයක් දුන් බුද්ධික රුක්ලන්ත එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකරගත්තේය.  


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ ජය ටිරෝන් හෙන්ඳාවිතරානට හිමි වූ අතර එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගයේ ජය උෂාන් පෙරේරාගේ සොහොයුරු චමෝද් පෙරේරාට හිමිවිය.


ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව හයවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී ඉකුත් ඉරිදා පැවැත්විණ.


තරග ප්‍රතිඵල


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගය

1 චමෝද් පෙරේරා (නිසාන් මාර්ච් 1000)

2 ඩබ්ලිව්. ඒ. නාරද (නිසාන් මාර්ච් 1000)

3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)

 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය

1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)

2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)

3 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1000)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)

2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

3 අකිල ද කොස්තා (ෆෝඞ් ලේසර් 1300)


ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගය

1 මංජුල විජේසිංහ (මිට්සුබිෂී පෙජරෝ 3000)

2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)

3 රසික ද සිල්වා (මිට්සුබිෂී පෙජරෝ 2800)

 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1500)

2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

3 නිෂාන්ත සේනාධීර (ෆෝඞ් ලේසර් 1300)


එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මොටර් රථ තරගය

1 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

2 මිස්සක නවීන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

3 කපිල ජයසුන්දර (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය

1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)

2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)

3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය

1 ටිරෝන් හෙන්ඳාවිතාරන (සුබාරු ලෙගාසි 2200)

2 මලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)

3 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය

1 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා වී. ටෙක් 1618)

2 ශෙනාල් ගුණවර්ධන (හොණ්ඩා වී. ටෙක් 1618)

 

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය

1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 3000)

2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)

3 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘසර් 3900)


එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මොටර් රථ තරගය

1 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)

3 මිස්සක නවීන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

උෂාන් පෙරේරා

මිස්සක නවීන්

කුෂාන් පීරීස්

ඉෂ්රාක් වහබ්

මංජුල විජේසිංහ

 

‘වලව සුපර් ක්‍රොස්’ මෝටර්රථ තරගාවලියේ උණුසුම් අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ජයග්‍රහණ ත්‍රිත්වයකින් කුෂාන් අණසක පතුරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.