Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයග‍්‍රහණය පිළිබඳ වැඩි අවධානයක්

ජයග‍්‍රහණය පිළිබඳ වැඩි අවධානයක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විස`දුමකින් තොරව අවසන් වීම නිසා ඉදිරි තරග දෙකේදී නවකයන්ට අවස්ථාව ලබාදීමට වඩා ජයග‍්‍රහණය පිළිබදව වැඩි අවධානය යොමු කරන බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (12) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීම දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

සූරියවැව ක‍්‍රීඩාංගණයේදීම පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීම නිසා තරගාවලියේ ජය ලැබීමට නම් ඉතිරි තරග දෙකම එක කණ්ඩායමක් ජය ලැබිය යුතුය. පළමු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් මෙසේ පැවසීය.

”වර්ෂාව නොවුණා නම් හො`ද තරගයක් දෙන්න තිබුණා. අපි ලකුණු 288 ක් ලබගෙන සිටියා. ඒ වගේම නවසීලන්ත පිලේ කඩුල්ලක් දවා ගැනීමටත් හැකි වුණා. මම හිතනවා තරගය පැවැත්වුණා නම් ජයග‍්‍රහණය කරන්න හොද අවස්ථාවක් තිබුණා කියලා”

”අපි  ඕවර 40 ක් අවසන් වන විට ලකුණු 210 කට වඩා රැස්කර සිටියා. අපේ සැළැස්ම වුණේ ලකුණු 300 ක් දක්වා යෑම. නමුත් චන්දිමාල් සහ තිරිමාන්න දැවී යෑමෙන් පොඩි පසු බෑමකට ලක්වුණා, කෙසේ වෙතත් ලබාගත් ලකුණු සංඛ්‍යාව පිළිබදව සෑහීමට පත්වෙනවා”

”පිතිකරුවෝ හතක් ක‍්‍රීඩා කළාට හැමදාම සියලූ දෙනාටම සාර්ථක වෙන්න බෑ. නිරන්තයෙන් ලකුණු අතර සිටින ක‍්‍රීඩකයෝ සාර්ථක වෙලා අවසානය දක්වා ක‍්‍රීඩා කිරීම තමයි වැදගත් වෙන්නේ. තුන් ඉදිරියව් ක‍්‍රීඩකයකු හැටියට පිතිකරුවකු සහ පන්දුයවනනකු ලෙස අංශ දෙකෙන්ම සාර්ථක වීම තමයි මගේ බලාපොරොත්තුව මේ තරගයේ ඉනිම පිළිබ`දව ගොඩක් සතුටු වෙනවා”

පළමු තරග දෙකට පමණක් සංචිතය නම් කිරීමෙන් මෙම තරගවල ප‍්‍රතිඵලය අනුව කිසියම් සැළැස්මක් තිබුණු බවත් හැගෙන බවත් පළමු තරගයේ ප‍්‍රතිඵලය මත එවැනි සැළැස්මක් තිබුණේ නම් එයට කුමක් වේද යනුවෙන් නැගූ ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”අපි වෙනසක් කරන්න හිතාගෙන හිටියා. එම තීරණය පළමු තරගයේ ප‍්‍රතිඵලය මත එය රැුදී තිබුණා. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඉතිරි තරග දෙකම ජය ලැබිය යුතුයි. අපි ඒ පිළිබ`දව අවධානය යොමු කර නවකයන්ට අවස්ථාව දෙන ගමන් තරග ජයග‍්‍රහණය කළ හැකි කණ්ඩායමක් නම් කරනවා”

”අපේ ප‍්‍රධාන අරමුණ තරගාවලිය ජයග‍්‍රහණය කිරීමයි. පළමු තරගය ඉතාමත් වැදගත් වුණා. නමුත් වර්ෂාව නිසා පළමු තරගය විසදුමකින් තොරව අවසන් වීමෙන් කණ්ඩායම තේරීමේදී තරග ජයග‍්‍රහණයට කිරීමට වැඩි අවධානයක් යොමු කරනවා” දිමුත් කරුණාරත්න පළමු පන්දුවේදීම දැවී යෑම පිළිබ`දව කළ විමසීමේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

” ඕනෑම ක‍්‍රීඩකයකුට දස්කම් අතරට එන්න අවස්ථාව ලබාදිය යුතුයි. දිමුත් කරුණාරත්න ‘ඒ’ කණ්ඩායමේ දිගින් දිගටම ලකුණු අතර සිටි ක‍්‍රීඩකයා, මේ තරගයේදී ආසාර්ථක වුණා, මම හිතනවා ඔහු ඉතිරි තරගවලදී ලකුණු අතරට එයි කියලා. අපිට තවත් ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් ඉන්නවා”

”නවසීලන්ත පිල හොදින් ක‍්‍රීඩා කළා ඔවුන් හොදින් පන්දු යැවුවා. පිතිකරුවන්ගේ දස්කම් නිසා තමයි මෙම ලකුණු සංඛ්‍යාව රැුස්කළ හැකි වුණේ. විශේෂයෙන්ම පළමු පන්දුවේදී කඩුල්ලක් දැවී යෑමෙන් පසුව ඩිල්ෂාන් සහ සංගක්කාර ඉතාමත් විශිෂ්ට ලෙස ඉනිම ගොඩ නැගුවා”
හෙට පැවැත්වෙන දෙවැනි තරගයට කණ්ඩායමේ වෙනසක් කිරීමේ බලාපොරොත්තුවක් තිබේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

”අපිට වර්ෂාව පිළිබ`දව කියන්න බෑ. මේ තණතීරුව ඉතාමත් හො`ද එකක් නිසා පළමු තරගයේදී අපිත් හිතාගෙන හිටියේ පළමුව පිතිකරුවන්ට අවස්ථාව ලබා දෙන්න. නමුත් දෙවැනි තරගයට මේ තණතීරුව ලැබෙයිද කියලා කියන්න බෑ. තණතීරුව පරීක්‍ෂා කර කණ්ඩායම නම් කරනවා. කෙසේ වෙතත් කණ්ඩායමක් හැටියට දෙවැනි තරගයට හොද සූදානමකින් ඉන්නවා”

”දෙවැනි තරගය මේ වන විට ඉතාමත් වැදගත් එකක් බවට පත්ව තිබෙනවා. පිතිකරුවන් හත් දෙනාගෙන් ඩිල්ෂාන්, මහේල සහ සංගක්කාර හැර සෙසු හතර දෙනාම නවකයන් හැටියට මම හිතන්නේ. ස්ථාවරත්වයට පත්වෙන්න නවකයන්ට අවස්ථාව ලබාදිය යුතුයි. පළමු තරගයේදී පන්දු යැවීමේ පැත්තෙන් හො`දම හතර දෙනා යොදා ගත්ත්තා. පිතිකරුවන් හතක් ඉන්න නිසා තිසර පෙරේරාට ස්ථානය අහිමි වුණා. වේග පන්දු යවන්නන් ලෙස අත්දැකීම් වැඩි නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග යොදා ගන්න තීරණය කළා”

පළමු තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නවසීලන්ත පිලේ නායක කයිල් මිල්ස් පැවසුවේ තරගයට වර්ෂාවෙන් බාධා නොවුණා නම් තම කණ්ඩායමේ පිතිකරුවන් තරගය ජයග‍්‍රහණය දක්වා රැුගෙන යෑමට සූදානමින් සිටි බවයි.

”අවාසනාවකට තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. තරගය විවෘත තත්ත්වයකයි තිබුණේ. මම හිතනවා වර්ෂාවෙන් බාධා ඇති නොවුණා නම් අපිටත් ජයග‍්‍රහණයට යන්න අවස්ථාව තිබුණා කියලා. විදුලි ආලෝක මධ්‍යයේ තණතීරුවේ පන්දුව තරමක් වේගයෙන් එන තත්ත්වයක් තිබෙනවා. නමුත් අපේ පිතිකරුවන් මෙම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට සූදානමින් සිටියා. අපිටත් හොද අවස්ථාවක් තිබුණා ජයග‍්‍රහණය කරන්න කෙසේ වෙතත් ඊට පෙර වර්ෂාව පැමිණියා”

”පළමු පන්දුවේදීම කඩුල්ලක් ලබාගත හැකි වුණා. අනතුරුව ශ‍්‍රී ලංකා පිතිකරුවන් හොදින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන් අපේ ද`ග පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා. සංගක්කාර සහ ඩිල්ෂාන් ඉතාමත් හොදින් ලකුණු රැුස් කළා. ප‍්‍රධාන වශයෙන් පිතිකරුවන් තිදෙනෙක් ලකුණු පුවරුවට ලකුණු එකතු කළේ. ඉදිරි තරග දෙකේදී හොදින් ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා”

”තරගය පැවැති තණතීරුව ඇත්ත වශයෙන්ම ඉතාමත් හො`ද එකක්, දග කැවෙනවා, ඒ වගේම පන්දුව ඉහළට එනවා. පිතිකරුවන්ගෙන් පැත්තෙනකුත් හොදයි” යැයි කයිල් මිලස් පැවසීය.

ශ‍්‍රී ලංකා පිලේ සිටින දක්‍ෂතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමට මුහුණදීමට නවසීලන්ත පිලේ සූදානම පිළිබ`දව නැගූ ප‍්‍රශ්නයට නවසීලන්ත නායකයා මෙසේ අදහස් දැක්වීය.

”මාලිංග ඉතාමත් දක්‍ෂ පන්දු යවන්නෙක්, ඔහුගේ පන්දු ඉතාමත් හොදින් දෝලනය වෙනවා අපි දැක්කා. මාලිංගගේ පන්දු යැවීම අභියෝගයක් තමයි. ඔහුගේ පන්දුවට ක‍්‍රීඩා කරලා අපිට අත්දැකීම් තියෙනවා. ඉදිරි තරග දෙකේදී මොකද කරන්නෙ කියලා බලමු”


අදහස් (1)

ජයග‍්‍රහණය පිළිබඳ වැඩි අවධානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.