Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයසූරියගේ තුන් ඉරියව් දස්කම් කොළඹට ජයගෙනේ

ජයසූරියගේ තුන් ඉරියව් දස්කම් කොළඹට ජයගෙනේ

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෙහාන් ජයසූරියගේ (110, 55/2) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගයේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේදී පැවැති තරගය ලකුණු 58 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (5 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 300 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 43.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 241 ක් පමණි.
මුල් පෙළ පිතිකරුවන් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියද ලකුණු 15 ක් තුළ අවසන් කඩුලු 6 දැවීයාම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මහනුවර කණ්ඩායමට සිදුවිය.

නිරෝෂන් දික්වැල්ල සහ මහේල උඩවත්ත අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු 62 කට මුහුණදුන් නිරෝෂන් දික්වැල්ල හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළ අතර මහේල උඩවත්ත පන්දු 71 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය.

පළමු කඩුල්ල සදහා පන්දු 75 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිස්සංක සමත්වූ අතර තෙවැනි කඩුල්ල සදහා පන්දු 112 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහේල උඩවත්ත සහ ඇන්ජලෝ මැතිව්ස් සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂාන් සඳකැන් සිය ඕවර 10 ලකුණු 59 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඩිල්රුවන් පෙරේරා සහ ශෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගත් ශෙහාන් ජයසූරිය වේගයෙන් පන්දුවට පහරදෙමින් පන්දු 100 කදී ලකුණු 110 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන යාමට සමත්විය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් ශෙහාන් ජයසූරියගේ ඉනිම අලංකාරවත් විය.

ශෙහාන් ජයසූරියට අනගි සහයක් ලබාදුන් චාමර සිල්වා අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 90 කදී ලකුණු 87 ක් ලබාගත් චාමර සිල්වාගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 137 කදී ලකුණු 165 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෙහාන් ජයසූරිය සහ චාමර සිල්වා සමත්වූහ.
ජීවන් මෙන්ඩිස් ඕවර 7.2 කදී ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

කොළඹ කණ්ඩායම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 299
(ශෙහාන් ජයසූරිය 110, ළහිරු තිරිමාන්න 25, චාමර සිල්වා 87, ජීවන් මෙන්ඩිස් 38/4)

මහනුවර කණ්ඩායම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(නිරෝෂන් දික්වැල්ල 60, පැතුම් නිස්සංක 22, මහේල උඩවත්ත 71, ඇන්ජලොා් මැතිව්ස් 27, ප්‍රියමාල් පෙරේරා 23, ලක්ෂාන් සඳකැන් 59/4, ඩිල්රුවන් පෙරේරා 34/2, ශෙහාන් ජයසූරිය 55/2)

Lakshan-Saddakan-(L1) Niroshan-Dicwella-(R)-(Kandy) Shehan-Jayasuriya-(2) Shehan-Jayasuriya-(Colombo)


අදහස් (0)

ජයසූරියගේ තුන් ඉරියව් දස්කම් කොළඹට ජයගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.