Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන සේවා සැපයීමේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වීමේ වගකීම බාරගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී ටෙස්ට් තරග 10 කට, එක්දින අන්තර්ජාතික තරග 21 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 21 කට සහභාගි වෙයි. ඒවායින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග 3 කදීත්, එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කදීත් ඩයලොග් සමාගමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ අනුග්‍රහකත්වය හිමිවනු ඇත.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා කීවේ ‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා’ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇති දශකයකට වඩා දුරගිය සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකිවීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගම මහත් සේ ආඩම්බර වන බවයි. එය “සුවිශේෂී වරප්‍රසාදයක්” යයි ද හෙතෙම පැවසීය.
“ශ්‍රී ලාංකේය ජාතියේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඩයලොග් ආසිආටා විසින් ලබා දෙන නොමඳ දායකත්වය පිළිබඳව මගේ හෘදයාංගම ස්තුතිය පුදකිරීමට කැමතියි. සිය නොපසුබට උත්සහයෙන් වසර ගණනාවක් පුරා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පෝෂණය කිරීමට ඩයලොග් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළා” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එළඹි මෙම සබඳතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසූ බව ඩයලොග් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.